Pages

Saturday, February 8, 2014

සුන්දර නුවරඑළියේ ගෙවූ කාලය .........

මාසයක් විතර ඉදලා පුදුම කට්ටක් කාලා අම්මගෙන් පමිෂන් අරගෙන නුවරඑළියේ යන්න ලෑස්ති කරගත්තා.මම මේ අවුරුදු 4කින් විතර ටිකක් විනෝද වෙන්න ගියේ.  ට්‍රිප් එක යන්න දාගෙන තිබුනේ පෙබරවාරි 4වෙනිදා .අපේ නිදහස් දවසේ අපි නුවරඑළියේ.
       නඩේ ගුරාලගේ ගෙදරින් පිටත් වෙන්න තිබුනේ පාන්දර 3.30 ට විතර ඒක නිසා අපේ ගෙදරින් 2.30 ට විතර අපි පිටත් වුනා නඩේ ගුරාලගේ ගෙදරට; 3.30 ට යනවා කිවුවට 2.45 ඉදලා 4.00 වෙනකම් අපි හිටගෙන බස් එක ආවේ 4.00 ට කොහොමින් කොහොමහරි නම් කියවලා පන්සිල් අරගෙන අපි පිටත් වෙනකොට 4.15 ට විතර ඇති . යන අතරතුර මගින් නග්ගගන්න කට්ටියත් හිටියා . කට්ටිය බොන්ගෝ 2ක් 3ක් අරන් ඇවිත් තිබුනා,ගමන පටන් ගන්නත් කලින් කට්ටිය බජවු දාන්න එකතු උනා . මම බස් එකට නැගපු ගමන් ඉන්දවපු තැන එහෙම්මමයි . නිදහස් දවස නිසා කෑගල්ල පැත්තට යනකොට වාහන තදබදේ ටිකක් තිබුනා පාර දෙපැත්තේ ඒ මහා පාන්දරත් පුදුම සෙනග කන්දරාවක් පාර දෙපැත්තේ හිටියේ මටත් නිකන් මැජික් වගේ ඉදන් හිටපු ෂීට් එකෙන් නැගිටලා පාර දෙපැත්ත බල බලා ගියා .

                            
කෑගල්ල පහු කරලා ටිකක් දුර ගිහින් බස් එක නතර  කලා උදේ කෑම ගෙනාවේ නැති කට්ටියට කෑම  ගන්න . මේ අතරතුර අපි පොඩි හොර වැඩක් කළා පිටිපස්සේ ශීට් වල හිටපු කට්ටිය යනකම් ඉදලා අපි පිටිපස්සට ගියා .අපි කිවුවේ කවුද දන්නවද මට ඒ අතරතුර එකතු උණු හොද අක්කි කෙනෙක් . අපි දෙන්නා පිටිපස්සෙන් ගිහින් ඉඳගෙන ඒ ආසන වලට හිමිකම් කියන උදවිය එනකොට නොදන්නා ගානට අහක බලන් හිටියා හැබැයි අපි හිතපු විදියටනම් මුකුත් උනේ නෑ මල්ලිලා ටික හරි හොදයි ඒක නිසා අපිට  මුකුත් කිවුවේ නෑ. එතන ඉදන් නම් මම කට වහන් හිටියේ නෑ, සින්දු කිවුවා විහිලු තහළු කළා හරි ෂෝක් .ටිකෙන් ටික අපි මහනුවරටත් ලං වුනා. මහනුවරට ලං වෙනකොට අපේ ප්‍රසාද් අයියා මට කතා කරලා පෙන්නුවේ මම ආසම දර්ශනයක් ඒ සුද්දා විදපු ගල කියල නම් පට බැදුණු කඩුගන්නා ගල, ඒ උනත් ඉතින් අපේ බස් එක නුවරඑළි යන නිසා අතරමග දසුන් වලට වැඩි අවදානයක් යොමු කලේ නෑ.නුවර පහු කරලා ගම්පොලටත් ලඟා වුන ගම්පොල කියන්නේ නම් අපේ ප්‍රසාද් අයියලාගේ ගම ඒ යන අතරතුර පස් කඳු වට කරලා තාප්ප බැඳලා තිබුනාග ප්‍රසාද් අයියා අන්න එතකොට තමයි ගම ගැන විස්තර කරන්න පටන් ගත්තේ

''ඔය ඔහොම තාප්ප බැදලා තියෙන්නේ ඉස්සර හරියට නාය ගියා මේ පැත්ත එ්කයි''


අපොයි බන කියන්නා වගේ කට්ටිය විහිලු කරන්න ගත්තා.

''ඔන්න අපේ ප්‍රසාද් දැන් ගම ගැන කෙටි විස්තරයක් කිරීමටයි සුදානම් වන්නේ දන්නා හැමෝම හොද අත්පුඩියක්
''මෙහෙම කිවුවේ නඩේ ගුරා...
                                 පවු වැඩේ ඉතින් මොනවා කිවුවත් ප්‍රසාද් අයියනම් ඔය කියන ඒවා ගණන් ගත්තේ නෑ මොකද කියනවනම්  ට්‍රිප් එක ගිය ඔක්කොගෙන්ම වචාලම කට තිබුනේ එයාට තමයි .ප්‍රසාද් අයියට දෙවැනි නොවූ තව එක්කෙනෙක් හිටියා ඒ තමා  සංජීව අයියා නොහොත් අපේ නඩේ ගුරා හිකිස් මරු නඩේ ගුරා හරිම විනෝදයි.
                     ටික  දුරක් ගිහින් ආයිමත් බස් එක නතර කලේ උදේ කෑම කන්න කට්ටියම මොන මොනවහරි හදන් ඇවිල්ලනම් කිබුනා. කට්ටියම සහයෝගෙන් ඒවා බෙදා හදාගෙන කෑවා ගොඩක් දුර යන්න තියෙන නිසා වැඩි වෙලාවක් අපි තැන් තැන් වලට යොමු කලේ නෑ .ආයිමත් බස් එකට නැගලා කට්ටියම සින්දු කියන්න ගත්තා . පරණ කාලේ සින්දු තමයි නියමෙටම කිවුවේ . ජෝති අයියව නිතරම සිහි වෙනවා හි හි ඇයි දන්නවද අපි කියන තරමක් කිවුවේ ජෝතිපාලගේ සින්දු එකම සින්දුව දහදොළොස් වතාවක් රිවයින් උනේ නැත්තෙමත් නෑ.ඊට පස්සේ න බස් එකනතර කලේ නෑ කෙලින්ම ගිහින් නතර උනේ කන්දේ ඇල ලග .එතැනදී කට්ටිය ෆොටෝ ෂූට් කරන්න පටන් ගත්තා ටික වෙලාවකින් පස්සේ ආයිමත් බස් එකට නගින්න කියල සංජීව අයියලාගේ තාත්තා කියනවා ඇහුනා .අපිත් ඉක්මනට ගිහින් බස් එකට නැග්ගා. මේ අතරවාරයේ මට තවත් යාලුවෝ නම් එකතු උනා නම් වශයෙන් කිවුවොත් නම් දේශකි & සපුමලී  මේ දෙන්නත් හරි හොදයි .මම අදුරගත්තෙත් එදාමයි ඒත් කලින් ඉදන් අදුරනව වගේ තමයි කතා බහ කලේ.
                    
       
සමන්මලී අක්කි නම් යන ගමන් මල් වට්ටි 100ක් විතර කඩාගත්තා. අපි මුලින්ම ගියේ අඹේවෙල ෆා(ර්)ම් එක බලන්න. එතකොට වෙලාව උදේ 11 ට විතර ඇති.මමයි මලී අක්කයි දේශකි අක්කයි මලී අක්කගේ පොඩි නංගි කෙනෙකුයි තමයි සෙට් උනේ ෆාර්ම් එක ඇතුලේ ඇවිදින්න .අපි නම් ඇතුලට ගිය වෙලේ ඉදන් යන යන තෙනට වෙලා ගොඩ වෙලාවක් ගත කලේ ෆොටෝ ගහන්න තමයි. ඇතුලේ තියෙන හැම දෙයක්ම අපි සැනසිල්ලේ බලා  ගත්තා ඒ විතරක් නෙමේ ඒ වගේ ෆොටෝ ගත්තා .අපි මේ ට්‍රිප් එක අවේ එක දවසකට නිසා තව තැන් දෙක තුනකටම යන්න කාලය ඉතුරු කරගන්න එක හොදයි කියල සංජීව අයියලාගේ තාත්තා අපිට කිවුවා.කොහොමහරි අපි 12 ට විතර ෆාර්ම් එකෙන් එලියට ඇවිත් බස් එකට නැග්ගා .ඊළගට අපි පිටත් වුනේ සුන්දරම තැනක් බලන්න .''හක්ගල  මල් වත්ත '' ෆාර්ම් එකේ ඉඳල 13.10 කි.මි. තිබුනා මල් වත්තට. ගොඩක් පාන්දර ආව නිසා ගොඩක් කට්ටියට දවල් කෑම හදාගෙන ඇවිත් තිබුනේ නෑ ඒ නිසා මග නතර කරලා පොඩි කඩේකින් කෑම ගත්තා . කෑම  අරගෙන අපි ඉක්මනින්ම හක්ගල මල් වත්තට ලගා වුනා .
        හ්ම්ම්ම්ම් ලස්සන
මට නිකන් මල් වත්තේ ලස්සන හිතට දැනුනේ රසක් වගේ .මල් වත්තට ඇතුළු වෙලා අනිත් කට්ටියත් එනකම් අපි ගහක් යටට වෙලා ඉගෙන හිටියා වෙලාව 1 ත් පහු වෙලා නිසා මටනම් යකෙක් කන්න බඩගිනි තද වෙලා තිබුනේ කට්ටි කට්ටි එකතු වෙලා මුණ අත පය සෝදාගෙන ගස් යටට වුනේ කෑම කන්න නුවරඑළියේ එළවලු නිසා මම  බත් මුල දිග ඇරියේ කටට රහට කන්න පුළුවන් කියල හිතාගෙන .අයියෝ මෙලෝ රහක් නෑ බත් එක එළවලු එකක්වත් නේ පරිප්පුයි වැවු මාලුයි සොයා මීට් උයලා තිබුනේ කිසිම රහක් නෑ මොනවා කරන්නද ? බඩගිනි නිසා කොහොමහරි කෑවා.අපි කාලා ඉවර වෙලා මල් වත්තේ ඇවිදින්න පටන් ගත්තා ගොඩ සුන්දරයි වචන වලින් කියනන් බැරි  තරමටම සුන්දරයි .වටපිටාව විතරක් නෙවේ අහස උනත් අපේ පැති වල වගේ නෙමේ සම්පුර්ණයෙන්ම නිල් පාටයි වටින් පිටින් හමන සුළඟ ඇගේ පතේ තියෙන වෙහෙස සම්පුර්ණයෙන්ම නැති කරලා දානවා. මම මල් වත්තෙත් ගොඩක් ෆොටෝ ගැහුවා ඒ මාව නෙමේ මල් .ලස්සන ලස්සන එක එක වර්ගයේ මල් .

මම ෆොටෝ ගත්තු මල් වලින් කොටසක් පහලින්........

                 





මේ ෆොටෝ ටික ගන්න මට ප්‍රසන්න අයියත් ගෙ‍ාඩක් උදවු උනා.ප්‍රසන්න අයියටත් ෆොටෝ ගැන පුදුම පිස්සුවක් තිබුනේ යන යන තැන ෆොටෝ ගන්නවා.මම තමා පුසන්න අයිය‍ගේ ෆොටෝ ගත්තේ කොහොම උනත් හැමෝ‍ම සහයෝගෙන් වැඩ කලා......
           මල් වත්තේ හැම දෙයක්ම බලලා අපි එලියට එනකොට හවස 4.30 ට විතර ඇති.එලියට ඇවිත් බස් එකට නැග්ග ගමන් මගේ අතට ආවේ අච්චාරු ප්ලේට් එකක් හ්ම්ම්ම් මාරු ආ මමත් ඉතින් කන්න දන්නේ නැති ළමයනේ ඒවා කිසි එකකට ඔන්න මමනම් අතවත් තිබ්බේ නෑ හොදේ . හි හි ... ;) .ඊට පස්සේ අපි පිටත් වුනේ ග්‍රේගරි වැව බලන්න හක්ගල ඉදලා එතනට එච්චර දුරක් නැති නිසා අපි ඉක්මනට එතනට ගියා. වැව දැක්ක ගමන් පිස්සු වගේ. හංස බෝට්ටු දැක්ක මට බෝට්ටු පදින්න ඇති වුනේ පුදුම ආශාවක් ප්‍රසාද් අයියාවත් අඩගහගෙන මමත් හංස බෝට්ටු පදින්න ගියා .පය බාගයක් විතර අපි බෝට්ටු පැද්දා පස්සේ ගොඩට ඇවිත් සින්දු කිවුවා ටිකක් ඇවිද්දා කට්ටියම ලොකු සතුටක් එවෙලේ ලබා ගත්තා  කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙවේ . එතනින් පස්සේ අපි ගෙදර එන්න පිටත් වුනා නැවතත් සුපුරුදු ලෙසින් සුපස්ටාර්ස්  ලා බිහි වුනා . කෙමෙන් කෙමෙන් අදුර වැටීගෙන එනවා මුළු නුවර එළියම මීදුමෙන් වසා ගන්නා අකාරය අපිට අපේ දෙඇසින්ම බලා ගන්න පුළුවන් වුනා දැන්නම් හිතට දුකක් දැනෙනවා උදේ ඉදල එකට ඉදල කට්ටිය වෙන් වෙන්න යනකොට හ්ම්ම් මොනවා කරන්නද ? හැමදෙයක්ම එහෙමනේ .අපි දැන් ටිකෙන් ටික නුවරඑළියෙන් ඈතට යනවා එවන් වූ සුන්දර පරිසයක් තනි කරලා දල යනවා වගේ හිතට දැනෙන්නේ . අපි රෑට කන්නත් ඕනනේ බස් එක ඊළගට නතර කලේ පුස්සැල්ලාව හරියේදී පොඩි  කඩයක් ලගින් නතර කළා .ඊට පස්සේ අපිත් බස් එකෙන් බැහැලා කඩේට ගොඩ වුනා අපි කන්න ගෙන්න ගත්තේ උණු උණු රොටි කොච්චි සම්බෝල එක්ක හ්ම්ම් යම්ම්ය්ය්ය් මාර රසයි මතක් වෙනකොටත් කටට කෙලත් උනනවා .මමනම් බඩ පිරෙන්න රොටි කාලා තේ එකකුත් බිලා අයිමත් බස් එකට නැග්ගා කට්ටියට හොදටම මහන්සි පාටයි උදේ එනකොට තිබුණ සද්ද දැන් නම් බැහැලා. මටත් නින්ද ගියා . නිට්ටඹුව හරියේදී තමයි අයෙමත් ඇහැරුනේ කොහොමහරි අපි ගෙවල් ලගටම ලං වුනා කට්ටියම ගෙවල් ලගින් බැස්සේ හිත තුල සතුටත් දුකත් දෙකම තද කරගෙන කියලා හොදටම මටනම් තේරුණා. ලබන අවුරුද්දෙත් තවත් ට්‍රිප් එකකට බලාපොරොත්තු තියාගෙන අපිත් ගෙවල් වලට පිටත් වුනා

          

Sunday, January 26, 2014

මගේ දෙව්දුව ඔබයි......

                                                             


                            ‍

                                                 සොවින් තැවෙන මගේ දෙකමුල්
                                සෙනෙහෙවන්ත දෑත් වලින් 
                                ආදරයෙන් පුරවාලා 
                                සතු‍ට දුන්නේ ඔබයි......


                                                 හැම රැයකම නිදි වරනා
                             නින්දෙදි ඉකි හඩ ‍ග‍සනා

                             නිදි නෙ‍ාවදින මගේ දෑසට
                             නිදි දෙව්දුව ඔබයි........


                              හාමතින් හඩන ළදරු මෙමට

                              සිරුරේ ලේ කිරි කරලා
                              දෙතනින් මා හ‍‍ට ‍‍ප‍ොවලා
                              මා සැනසු‍වේ ඔබයි....

                             
                             රුවල‍ට ‍බැදි හබලක් සේ
                             මා අසල‍ට වී හිද‍ගෙන
                             ක්ෂිතිජය නැති මගේ දිවියට
                             පාර කැපුවේ ඔබයි.....

                             
                              ඔබට තියෙන ණය ගෙවන්න
                             
මා උපදින හැම භවයෙම
                                   ඔබ සිටියත් මදි
                                   ආදර මගේ අම්මේ................
                                    



                                                  
                                                 
                           
                                                                                                               

                                           

Friday, January 17, 2014

ඈ දැහැන් ගත විය..

සඳ නැගෙන යාමයේ  රන්වන් පැහැ වූ නිලඹර අඳුරු වලාවකින් වසා ගන්නා සේ  රන්වන්  පැහැ  ඇගේ දෙකමුල් වලට ද අඳුරක් එක් වුයේ කිමද? ආදරය සුන්දර වූ මල් මිටියාවතක කලාතුරකින් පිපෙන්නා වූ වැටකෙයියා මලක් බඳු යැයි විටෙක මට සිතේ ,සත්‍ය ආදරය එහෙමත් නැත්නම් සැබෑ ආදරය අපට හමුවන්නේ කලාතුරකිනි ආදරය සුන්දරයි නමුත් අපි දකින්නේ සැබෑ සුන්දරත්වය නොවේ ව්‍යාජ වූ සුන්දරත්වයකි .
        
                        

         ඈ සුන්දර යුවතියකි හිරිමල් වයසේ කරන දඟකාරකම් සියල්ලද ඈ විසිනුත් කෙරිණි .යොවුන් වියේදී හමුවන කුලුදුල් ප්‍රේමය ඇයට මුණ ගැසුනේ යන්තම් ඇයගේ වයස 18 සම්පුර්ණ වනවාත් සමගය .ඇය ආදරයෙන් වේලි සිටියේ නාවික හමුදාවේ සේවය කරන තරුණයකු සමගයි.මොවුන් දෙදෙනාට ඒ නිසා නිතර නිතර මුණ ගැසීමට නොහැකි විය.මාස දෙක තුනකට සැරයක් මොවුන් දෙදෙනා මුණ ගැසෙන්නේ සකු ට අමතර පන්ති පැවැත්වෙන දිනකදී ය.පන්ති අවසන් වූ පසුව ඔහුත් ඇයත් එකම බස් රථයක එකම අසුනක් හිදගෙන පෙම් බස් දොඩමලු වෙමින් ගමනාන්තය දක්වා ගමන් කරයි.කෙසේ වුවත් මොවුන් දෙදෙනා ගේ ආදර අන්දරය සුන්දර ලෙස ගෙවී ගියා ය .දෙදෙනාට නිතරම මුණ ගෙසිමට නොහැකි වුවත් ඇයත් ඔහුත් රැයක් දවාලක් නොබලා දුරකතනයෙන් මුමුණන්නට පුරුදු වී සිටියා ය.  සකු ගේ සහ ධනුකගේ  ආදරේ සුන්දරව ගලා ගියේ  අවුරුද්දක් වැනි කෙටි කාලයක් පමණි . දිනක් සකු ධනුක වෙත  ලබාගත් දුරකථන ඇමතුමකට ධනුකගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණි .සකු නැවත උත්සහ කලත් ධනුක විසින් දුරකථනය විසන්දී කර තිබිණි .සකු බොහෝ සෙයින් සිත් තැවුලට පත්ව සිටියාය .දිනක් රාත්‍රියක ධනුක ඇයට දුරකථන ඇමතුමක් ලබා ගත්තේය . සකු එවෙලෙහි කියාගත නොහැකි තරම් සතුටකින් ඉපිල ගියාය . '' අනේ මගේ රත්තරනේ ඇයි මෙච්චර දවසක් මට කෝල් නොකළේ ඔයාට කරදරයක් උනාද ඔය හොදින් නේද ?'' සකු තොර තෝංචියක් නැතිව ධනුකගෙන් ප්‍රශ්න වැලක් එක දිගටම අසාගෙන ගියාය . නමුත් ධනුකගෙන් ඇයට ප්‍රති උත්තර ලැබුනේ සුළු මොහොතකින් පසුවය .නමුත් ඇයට ඔහුගෙන් ලැබුණු පිළිතුර ඇය කිසිසේත්ම බලාපොරොත්තු නොවූ පිළිතුරකි .''සකු මගෙන් ඈත් වෙන්න මට වෙන ගල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා මට දැන් ඔයාට ආදරේ කරන්න බෑ මට සමාවෙන්න '' සකු එවෙලෙහි කිසිවක් කිවේ නැත ටික වෙලාවකින් පසු ඇය කියා සිටියේ ''කමක් නෑ  සුදු අයියේ ඔය එයත් එක්ක සතුටින් ආදරෙන් ඉන්න එත් මට මේ කරපු දේ ඒ ළමයට කවමදාකවත් කරන්න එපා සුදු අයියේ මම තියන්නම් බුදු සරණයි!! පරිස්සමින් ඉන්න..'' ඇය විසින් ධනුකට කිවූ අවසන් වචන ටික එපමණයි . සකු නුගත් තරුණියක් නොවේ ඇය ඉවසීමෙන් කටයුතු කලාය.හිතේ තිබුණු දුක ඇය තනිවම් විද දර ගත්තාය .සකු පුංචි පවුලක දුප්පත් අහින්සක කෙල්ලකි .


                  


                                           ඇය කිසි විටෙක් තමන්ගේ අහිංසක දෙමවුපියන්ගේ හිත් රිදවන කිසිදු දෙයක් කලේ නැත.ඇය කිසිමදාක තමන්ව රැවැට්ටු ධනුකට වෛර කලේ නැත,ඇය හැමවිටම ප්‍රර්ථනා කලේ ධනුකගේ සතුට විතරයි.කාලයගේ ඇවෑමෙන් ඇය මේ හැම දෙයක්ම හිතේ යටපත් කරගෙන නැවත සිනාසෙන්න ට පටන් ගත්තාය. දැන් ඇය අවුරුදු 21 කි .මේ කාලයේදී තමයි ඇය හර්ෂ ව මුණ ගැසුනේ . ඔයාල බලනවා ඇති නේද කවුද මේ හර්ෂ කියලා .හර්ෂ කියන්නේ ඇයගේ ජිවිතයට ආ දෙවෙනි පෙම්වතා ඔහු ඇයට  වඩා අවුරුදු 8ක් වැඩිමහල්ය.නමුත් ඔහු සකුට ඇත්තටම ආදරේ කළා .සකු මුලින් කැමති උයේ නැත පසුව මාසයකින් පමණ ඔහු හොද කෙනෙක් බව සකුට වැටහිණි .සකු ඔහුට ආදරේ කරන්න පටන් ගත්තාය....ඇයත් ඔහු වැඩිමහල් වුවාට බොහෝ සෙයින් ආදරය කළාය .අවුරුදු 4ක් ගත විය සකු හර්ෂට කියා සිටියේ ගෙවල් වලට මේ බව පවසා විවාහ වෙමු කියාය . හර්ෂ මේ බව නිවෙස් වලට පැවසුවත් සිදු උයේ අපට සිත ගත නොහැකි දෙයකි .හර්ෂගේ පවුලේ උදවිය සකුට අකමැති විය .මොවුන් දෙදෙනාගේ මේ බැදීම සකුගේ මව දෙන සිටියාය .මේ පුවත දැනගත් සකුගේ මව බොහෝ සෙයින් කණගාටුවට පත් විය .සකුටද පිස්සු වගෙය ඇයට මෙවෙනි දෙයක්  සිදු උයේ පළමු වර නොවේ  දෙවෙනි වරයි පළමුවර වූ දෙයින් හිත හදාගත් ඇයට මෙවර හිත හදාගැනීමට නොහැකි වුයේ අවුරුදු 4ක් සකු ඔහුට ලංව පෙම් කල නිසාය.ඇය අසරණ විය මුළු ලෝකෙටම ඇහෙන්න කෑ ගහල දන්නට සිතුනි .තමන් මෙච්චරම අවාසනාවන්තද යැයි ඇයට සිතුනි .සකුත් හර්ෂත් තම දෙමවුපියනේගේ සිත් රිදවන දරුවන් නොවන නිසා හිතුවක්කාරකම් කිරීමට ඔවුන්ට සිතුනේ නැත . හර්ෂත් සිටියේ දරාගත නොහැකි දුකකින්ය ඔහුත් අසරණ වී සිටියේ මෙයට කුමක් කලයුතුද යන්න තීරණයක් ගත නොහැකිවයි.නමුත් හර්ෂට වැඩි කාලයක් යන්නට පෙර ඔහුගේ දෙමවුපියන් මනමාලියක් හොයා කසාද බන්දවා  දෙන්නට තීරණය කළහ . කිසිම දෙයක් කරගන්නට බේරී වූ ඔහුට අන්තිම සිදු වුයේ දෙමවුපියන්ගේ කැමැත්ත ඉටු කිරීමටය . ඔහු විවාහ විය ,නමුත් සකු !! ඇයට කුමක්  සිදු වියද ? සකුගේ අසරණ මවත් පියත් සකුට විවාහ සෙව්වද  ඇයට මේ කිසි දෙයකට හිතක් නොතිබිණි .ටික කලක් ගත විය ,සකු තම දෙමවුපියන්ගෙන් ඉල්ලීමක් කලාය.ඇයගේ මේ ඉල්ලීම සකුගේ මවටත් පියාටත් ඇස් අදහාගත නොහැකි විය .සකුගේ මවට කියවුනේ අනේ දුවේ කියන දේ පමණි .නමුත් සකු අඬ අඬා ඔවුන් දෙපළගෙන් ඉල්ලා සිටියේ කෙසේ හෝ මෙයට අවසර දෙන ලෙසටයි . සකු ඉල්ලා සිටියේ ඇයට මහණ වෙන්නට ඉඩ දෙන්න කියාය . සකු දෙමවුපියන් හට කිවේ මහණ වුනොත් ඇයගේ හිතට සැනසිල්ලක් ලැබෙන බවයි .ඇයගේදෙමවුපියන් හිතේ ඇති දුක දරාගෙන ඇයව ශාසනයට බාර දුනි .සකු දැහැන් ගත විය ඇය දැන්  මෙහෙණියක් ...ඇයගේ සිතේ ආදරය ගැන බැදීමක් දැන් සිතේ නොමැත ඇය දැහැන් ගත වී හමාරය .ඇයගේ මඟ දැන් පැහැදිලිය යොවුන් වියේ දගරකම් කම් කරමින් දුවපු පැනපු සකු දැන් තැන්පත් ගමනින් ඇයගේ ආරණ්‍ය වෙත ගමන් කරයි .ඇය දැන් සකු නොවේ මෙහෙණින් වහන්සේ නමකි .

''සකු මෙහෙණින් වහන්සේ තුල දැන් ඇත්තේ ආදරය නොවේ ..ජීවිතය නමැති මේ බවයෙන් නිවන් දක්නා මග සෙවීමයි ''