Pages

Monday, December 30, 2013

෴ අලුත් අවුරුදු සංදේශය ෴

ඉතින් යාලුවනේ අපිටත් නොදැනිම 2013 අවුරුද්දත් ගෙවිලා ගිය නේද ? මේ අවුරුද්දේ කරපු හොද වැඩ නරක වැඩ හැම දේම දැන් ඉතින් කරලා ඉවරයිනේ ..ගිය අවුරුද්දේ මේ කාලේ එනකොට අපි හිතන්න ඇති ලබන අවුරුද්දේ ඉදලවත් හොදට ඉන්න බලන්න ඕනේ කියලා .ඒත් ඉතින් අපි හොදට හිටිය කාලෙට වඩා වැඩිපුරම ඉදල තියෙන්නේ නරක දේවල් තුල,මොනවා කරන්නද ඉතින් එක ලෝක ස්වභාවය වෙන්න ඇති කියලවත් අපි හිතමු .ඒත් ඒ අතර අපි කරපු හොද වැඩත් නැතුවමත් නොවේ නේද ? ඒ හින්ද අර කරපු නරක වැඩ හැම දේම අමතක කරලා දාල හරියට අපි අපේ පරිගණකයේ වැදගත් නැති ඒවා මකලා දානවා වගේ ඒවත් අපේ හිතින් මකලා දාලා කරපු හොද දේවල් විතරක් තවත් වැඩි දියුණු කරගමු  නේද ? අලුත් අවුරුද්දේ අලුත් සිතුවිලිත් එක්ක අපි අලුත් වෙමු . මේ අවුරුද්දේ අපේ යාලුවෝ ගොඩක් මහන්සි වෙලා අපිට විනෝදය ගෙන දෙන දේවල් කළා .එළබෙන අලුත් අවුරුද්දේ මේ අවුරුද්දේ කළාටත් වඩා ගොඩක් වැඩසටහනුත් ඉදිරිපත් කරන්න අපි උනන්දු වෙමු . මම මේ කියන ඒවා පණ්ඩිත කමට කියවනවා කියලා බනින්න එහෙම එපා හොදේ :) මගේ හිතට ආපු ඒවා තමයි මම ඔයාලටත් කියන්නේ ..


        


ඔයාලට ඔය මම උඩින් පෙන්නලා තියෙන චායාරුපේ හොදට මතක ඇතිනේ නේද ? දැන් ටික දවසකට කලින් අපේ යාලුවෝ එකතු වුනු තැනක  චායාරුපයක් තමයි නේද ?මේ වගේම ලබන අවුරුද්දෙත් අපි හැමෝම එකතු වෙමු.
                බ්ලොග් ලියන අපිත් අපිට පුළුවන් විදියට පුළුවන් තරම් අලුත් හොද අදහස් ලියමු .හොද වැඩ කරමු ,රටට වැදගත් ගුණගරුක හොද පුරවැසියන් වෙමු .
                  එසේනම් ලබන්නා වූ මේ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!! අලුත් අදහස් අලුත් පැතුමන් හැමෝගෙම සිත් වල පහල වේවා !!!

         

Saturday, December 28, 2013

මිරිගුවක අතරමන් වූ මා ..........

වසන්තය උදා විය,විහගුන් ගේ කිචි බිචි හඬ දසත පුරා දෝංකාර දෙති .සුන්දර වූ පරිසරයක් සැකසී ඇති මේ වසන්ත කාලය සතුන් සිවුපාවුන්ට මෙන්ම අපගේද සිත් වලට  පුදුමාකාර නිදහසකි, සතුටකි, සැනසිල්ලකි. නෙත් අදහාගත නොහැකි ලෙස මෙවර වසන්ත සමය උදා වී ඇත .  ගහකොළ වල වෙනදාට වඩා විශාල ලෙස මල් පල හට ගෙන ඇත .මේ සෑම දෙයකින්ම ප්‍රබෝදමත් වී ගී ගයන නටන සතුන් සිවුපාවුන් දුටු ඕනෑම කෙනෙකුගේ සිතේ ඇති තෙහෙට්ටු ගතිය දුක සංකා මේ හැම දෙයක්ම නැති වෙලා යනවා නොඅනුමානයි .
            අපේ ගෙදර කට්ටිය නුවර එළියේ ට්‍රිප් එකක් යන්න ගෙන තිබුනේ මේ කාලයේ තමයි .මාත් ඉතින් හිතේ ඉපිලී ගිය සතුටකින් ඇගිලි ගැන ගැන හිටියේ අප්‍රේල් 24 වෙනිදා වෙනකම් .ඒ දවසත් ඉක්මනට උදා වේවි කියලා මාත් ගමනට ඕන කරන අඩුම කුඩුම ටිකත් කල් තියාම පිළිවෙලකට අහුරගෙන හිටියා .ඒක කොයිකටත් හොදයිනේ .
             මං හිතපු විදියටම අප්‍රේල් 24 වෙනිදා ඉක්මනින්ම උදා උනා .ගෙදර කට්ටියත් උදේ පාන්දරම කඩි මුඩියේ ලැහැස්ති වෙනවා ,මාත් ඉක්මනටම ලැහැස්ති වෙලා වෑන් රථයේ පිටිපස්සෙම ෂිට් එකේ අයිනේම ඉදගත්තා .හැමෝම වෑන් රථයට ගොඩ වෙලා සාදු කාරයක් දීලා ගමන යන්න පිටත් වුනා .උදේ පාන්දර නිසා කට්ටිය හිටියේ නිදි මතේ . මේ ගමනට මගේ හිතේ  තිබුණු උනන්දුව ආශාව නිසාම නිදිමතක් කම්මැලි කමක් කියන දෙයක් මගේ හිත අහලකවත් තිබුනේ නෑ.
         කොහොමින් කොහොම හරි අපිට නොදැනිම අපි රුවන්වැල්ල නගරයටත් ලං වෙලා ,උදැසන ආහාරය ගන්න වාහනය නතර කලේ රුවන්වැල්ලේ අපේ නෑදෑ කෙනෙක්ගේ ගෙදරක ඒක නිසා අපිට කිසි ප්‍රශ්නයකින් තොරව අපේ ගෙදර වගේ හැම දෙයක්ම පාඩුවේ කරගන්න ඉඩ හසර ලැබුනා .
         ඉක්මනින් උදැසන ආහාරය අරගෙන හැමෝගෙම අනිකුත් අවශ්‍යතාවනුත් ඉටු කරගෙන නැවත අපි වෑන් රථයට ගොඩ වුනෙමු .හැමෝම උදේ කෑමත් අරගෙන් හිටපු නිසා දැන් නම් ටිකක් ප්‍රබෝදමත් වෙලා .කට්ටිය වයින් කරපු බෝනික්කෝ වගේ සින්දු කියනවා .මාත් ඉතින් එයාලට පරාද වෙන්නේ නැතුව හයියෙන්ම සින්දු කිවුවා .සාරංග අයියා තමයි ඩොල්කිය ගහන්නේ ,අම්මලත් අත්පුඩි ගහල අපිට සහයෝගය දෙනවා .මේ අතරතුර අමතරව කටට හලාගෙන මොනවා හරි හපන්න අරගෙන යන්න මම අමතක කලේ නම් නෑ. ඊයේ රෑ මම අච්චාරුවක් හදල ලීටරේ අයිස් ක්‍රීම් කප් එකකට දාගෙන ගියා . අපේ කට්ටියත් දෙයියන්ගේ පිහිටෙන් එපා නොකියා ඒකටනම් වගකිවුවා .
     
                     
     


විනෝදයෙන් ගමන යන නිසා මහන්සියක් නම් කාටවත් ඇත්තෙම නෑ,ඒක මුනවල් දිහා බැලුවම කියන්න පුළුවන් .ඒත් මං නම් ටිකක් පැත්තකට වුනා පාර දෙපැත්තේ ලස්සන බලන්න අප්‍රේල් මාසේ නිසා බැලු බැලු අත නෙත් අදහාගත නොහැකි චමත්කාර දර්ශන දැක ගැනීමට පුළුවන් ,ටිකෙන් ටික අපි නුවර එලියට ලගා වෙමින් හිටියා .මගේ මනස වෙනම අතකට යොමු වුනේ මේ වෙලාවේ තමයි අපේ වාහනය තේ බොන්න නතර කලේ ,තවත් කට්ටියක් ට්‍රිප් එකක් ආපු වාහනයක් ලඟමයි .මං ජනේලේ ලග ඉඳගෙන හිටපු නිසා එළියේ හැම දෙයක්ම මට හොදට බලන්න පුළුවන් වුනා ,එහා පැත්තේ වාහනයේ ජනේලේ අයිනේ තිබුණු දසුනට මගේ හිතත් නෙතත් නතර වුනා .මාව වෙනමම ලෝකයක අතරමන් කළා .නමුත් එක පාරටම ඒ දසුන අතුරුදහන් වුනා .මාව  ගැස්සුනා !,,ඒ වෑන් රථය එතනින් පිටත් වෙලා .ඒ වෙලාවේ ඉදන් මං කිසිම විනෝදයකින් නෙමේ හිටියේ ,මගේ මනසේ දිවුවේ මං දැක්ක ඒ රූපේ විතරයි .මං හිත හිතා ගියේ ඒ රූපේ මට ආයිමත් දකින්න ලැබෙන්න කියලා .අනේ මන්දා ගෑනුළමයෙක්ට එහෙම හිතෙන එක වැරදිද කියලා ඒත් මං කියන්නේ මට හිතුනු දේ ,මාව අතරමන් කරපු ඒ රූපේ මට ආයිමත් නුවර එළියේදී නෙත ගැටුනා ...
                         අපි නවාතැන් ගත්තු නිකේතනයේ ම තමයි ඒ අයත් නවාතැන් ගත්තේ .අපේ කට්ටිය නවාතැන්පලෙත් රාත්‍රී කෑමෙන් පසු නැවත පැදුරු පාටියක් දාන්න ගත්තා ,මේ වගේ දේවල් වලට නිතරම ආස කරන මම මෙදින කිසි දේකට සහබාගි නොවී පැත්තකට වෙලා මගේ හිතේ අතරමන් වුනු ඒ රූපේ ගැන කල්පනා කරමින් සිටියෙමි .අනිත් කට්ටිය ඇහුවත් මගෙන් ඇයි කියලා මං කිවුවේ මට මහන්සි කියලා ..මං වේලාසනම නින්දට ගියා පහුවදා උදේ නැගිටලා කට්ටියම ඇවිදින්න යන්න ලැහැස්ති වුනා .මාත් ඉතින් ලැහැස්ති වුනා ,නමුත් මං තාමත් අතරමන් වුනු වෙනම ලෝකෙක...
          අපි මුලින්ම  ගියේ හග්ගල මල් වත්තට මට එහෙදි ඇස් වලට කඳුලු එකතු වෙන සිදුවීමක් දකින්න ලැබුනා..ඒ අර මං අතරමන් වෙලා හිටපු රූපේ තවත් ගෑනු ළමයෙක්ගේ අතින් අල්ලගෙන ලස්සනට හුරතල් වෙමින් ඇවිදින හැටි ..... ආදරේ කියන්නේ මිරිගුවක්ද කියල මට එවෙලේ හිතුනා .ඒත් මගේ හිත මොනවා කරන්නද ?පිරිමි ළමයෙක්ට වගේ ගෑනු ළමයෙක්ට කෑ ගහලා කියන්න බෑනේ මම ඔයාට පිස්සු වැටිලා මම ඔයාට ආදරෙයි රත්තරන් කියලා,මං  දන්නවා දැකපු ගමන් කොල්ලෙක්ට ආදරේ කිරීම වැරද්දක් කියලා නමුත් පෙර ආත්මයක කුමක් හෝ බැදීමක් තියෙන්න ඇති ඒ ළමයත් එක්ක ,මෙච්චර කල් කොච්චර පිරිමි ළමයි දැකල ඇත්ද ඒ ළමයා නිසා විතරක් ඇයි එහෙනම් මම මෙච්චරටම  පිස්සුවැටුනේ ?වෙලාවකට මේකත් මහා විකාරයක් වෙන්න ඇති නේද??
         අපි දවස් දෙකක් නුවර එළියේ ඉදලා හැම තැනකම ඇවිදලා ගෙදර ආවෙමු . නුවර එළියේදී මට සිදු වුනු ඒ සිද්දියෙන් පස්සේ මම ගොඩක් වෙනස් වුනා  කියලා  මට හිතෙනවා .මට කවමදාකවත් එහෙම හැගීමක් දැනිලා නෑ .ජිවිතේ පලවෙනි වතාවට එහෙම දැනුනේ ;මම තාමත් ඒ රූපේ අතර  අතරමන් වෙලා .වෙන කෙනෙකුට අයිති වස්තුවකට දුරින් ඉදන් ආදරේ කලට ඒක වැරද්දක් නෙමේ කියල හිතමින් තාමත්මං ඉන්නවා .යලිත් වරක් කවදා දිනක  හෝ කොහේදී හෝ එක දවසකින් මාව වෙනස් කරපු ඒ රූපේදකින්න හම්බවෙන්න කියලා  ප්‍රර්ථනා කරනවා !!!!!!     


                            
       



             ලිවුවේ සෙව් ෴                                                                                                                                                          


                                     

Thursday, December 19, 2013

නිසදෙස්

කවිකාර සිතුවිලි මා සිතට පහළ  වූ මේ සැඳැ යාමයේ
නිසදෙස් ලියන්නට සිතුනි අතීතය ගොනු කොට .........




දුටුවත් ඔබ රුව නොදුටු  ලෙස ඉන්නට මා වෙර දරමි

අැසුනත් ඔබේ හඬ නෑසුනු ලෙස ඉන්නට  මා වෙර දරමි

සිතුනත් ඔබ ගැන නොසිතා ඉන්නට මා වෙර දරමි

වැටහුනත් ඔබේ වැරදි එය වරදක් නොවේ කියා සිතන්නට මා වෙර දරමි........


     



රහසින් ඔබ ඇවිදින්
මගේ  කනට කෙඳිරු
හැම වදනක්ම
ඇත තාම මතකේ

නුබේ  සුවඳ විඳ ගන්නට
පතන හැම  වේලේ
දෙනතට කඳුලු පිරෙනු
ඇත මාගේ

සුව නින්ද පතමින්
යහනට වැදුනු මාෙහාෙත්
ඔබ රුවම  මැවුනි
මා අභියසම

මතකයක් පමණක්
මා සිෙත් තියාලා
කෙලසද ඔබ ගියේ  මෙලාවින්
මා තනිකර දමාලා

පතමි මා හදවතින්
මතු භවෙයදිත්
ඔබ මගේම  වන්නට කියාලා...



    

       


Monday, December 16, 2013

ජාතික ගීය 02

ආනන්ද සමරකෝන් ශුරින් නිර්මාණය කල දේශාබිමානි ගී අතර ජන සැම මහා අදිපතියන් තුති වේ ,රකිනු මැනවි ලක් මාතා ,බලන්න සොයුරිය හා හා හා නුබේ ලක් මව දුකෙන් හා නමෝ නමෝ මාතා ඒ අතර විය .එකී දේශාබිමානි ගී මහින්දයේදී  නිර්මාණය වුවා  පමණක් නොව සමරකෝන් ශුරින් ,මහින්දයේදී ඕල්කට් ශ්‍රවනාගාරයේදී පියානෝව වටා රැස් වු කුඩා මහින්ද සිසුන් සමග ඒවා ගායනා කරමින් අත්හදා බැලුවේය .එකී පෙුෟඩ ඉතිහාසයට ගෞරවනීය සාක්කිකරුවෙකු ලෙස ඉදි වූ ඵලකයක්ද මහින්දයේදී  ඕල්කට් ශ්‍රවණාගාරය තුල ස්ථාපිතව තිබේ .එසේ නිර්මාණය වූ දේශාබිමානි ගී රැසක් තැටි ගත කිරීමද සිදු වී ඇති අතර සමරකෝන් ශුරින් ස්වර්ණා ද සිල්වා සමග ගැයූ ''නමෝ නමෝ මාතා '' ගීතය  රට තුල දැවැන්ත ජනප්‍රියත්වයක් ලබා ගත්තේය .1948 අප නිදහස ලැබීමට ආසන්න යුගයේ ජාතික ගීයක් තෝරා ගැනීමට තරඟයක් පැවැත්වූ අතර ශ්‍රී ලංකා ගාන්ධර්ව සභාව එහි මුලිකත්වය ගත්තේය .එම තරඟයට ''නමොනමෝ මාතා'' ගීතය ඉදිරිපත් කලද ජයගත්තේ ''ශ්‍රී ලංකා මාතා පාලා යස මහිමා ජය ජය ''ගීයයි .

48 පළමු නිදහස් සැමරුම් උත්සවයේදී ගායනා කලේද එයයි .එහි පද රචකයා ප්‍රකට කවියෙකු වූ පි.බි.ඉලංගසිංහ ශුරින්ය .සංගීතය හා තනුව සංගීත විශාරද ලයනල් එදිරිසිංහ ශුරින්ගේය . එහෙත් ඔවුන් දෙදෙනාම එම ගී තරඟයේ විනිශ්චය මණ්ඩලයේ සිටි බවත් ඒ තුල අක්ක්‍රමිකතාවක් සිදු වූ බවටත් චෝදනා එල්ල වීම හේතුවෙන් රජය එම ගීතයේ නිල පිළිගැනීම අහෝසි කළේය .

පසුව 1950 අප්‍රේල් වලදී එවකට මුදල් ඇමති ජේ.ආර්.ජයවර්ධන මහතා කැබිනට් සංදේශයක්  ඉදිරිපත් කරමින් කිවේ ජතික උත්සව වලදී අනිවාර්යෙන් ගැයෙන ගුවන් විදුලියේ නිතර ඇහෙන ජනතාව විසින් නිල නොවන ජාතික ගීය ලෙස ගෞරව කරනු ලබන ''නමෝ නමෝ මාතා'' අපේ ජාතික ගීය ලෙස පිළිගත යුතු බවය . දීර්ඝ සංවාදයකින් පසුව සමරකෝන් ශුරින් විසින්ම කරන ලද වචන 2ක සුළු වෙනසක් සමග 51 නොවැම්බර්  22දා ''නමෝ නමෝ මාතා  '' ලක් දෙරණේ ජාතික ගීය බවට පත් විය .එහෙත් ඊට පෙර 1949 නිදහස් උළෙලේදී ද එම ගීතය සිංහලෙන් මෙන්ම දෙමලෙන් ද ගායනා වී තිබේ .එහෙත් සමරකෝන් ශුරින් ට නින්ද ,මඩ, අභූත චෝදනා  රැසක් එල්ල වන්නට විය . ආණ්ඩු පෙරලුනේ ,රාජ්‍ය නායකයන් මිය ගියේ රට තුල නොසන්සුන්තා ඇතිවන්නේ ජාතික ගීයේ අපල නිසා බවද සමහරු අර්ථ දක්වන්නට වුහ .''නමෝ'' පදයේ ''න'' අක්ෂරය අසුබ බවටද හඩක් නැගින .


      

1961 දී එය ''ශ්‍රී ලංකා මාතා '' ලෙස සමරකෝන් ශුරින්ටද  නොදන්වා වෙනස් වුයේ ඒ තුලය . ඒ ගැන ඔහු දැඩි සේ කම්පා විය .මේ අසාධාරණයට එරෙහිව තමා ජිවිතයෙන්ද වන්දි ගෙවන බවට ඔහු කිවත් කිසිවෙකු එය ගණන් ගත්තේ නැත .දෙවරක් නිදි පෙති බී බේරුණු ඔහු තුන් වෙනි වර නිදිපෙති 30ක්ම පානය කොට 1962 අප්‍රේල් 02දා ජාතියම හඬවමින් හා කම්පනයට පත් කරමින් ලක් දෙරණට සමු දුන්නේය . අද මුළු මහත් ජාතියම වන්දනීය ලෙස ගෞරව කරන අපේ ජාතික ගීයේ බිහිවීම හා නිර්මාණකරුවාගේ  ඛේදජනක ඉරණම පිලිබඳ සත්‍ය වුත් කතාව එසේය .

අපේ වත්මන් ජාතික ගීය මහිනාදයේදී බිහි වුවා පමණක් නොව ගාන්ධර්ව සභාව විසින් තෝරාගන්නා ලද ''ශ්‍රී ලංකා මාතා පාලා යස මහිමා ජය ජය ''ගීතයද මහින්දයට දැඬි සබඳතාවක් සහිත නිර්මාණයකි .එනම් එම ගීතයේ සංගීතය හා තනුව නිර්මාණය කල ලයනල් එදිරිසිංහ ශුරින් මහින්දයේ කීර්තිමත් ආදී ශිෂ්‍යකු වීමය .භාත්කණ්ඩේ සරසවියෙන් සංගීත විශාරද උපාධිය ලැබූ පළමු ලාංකිකයා වූ එදිරිසිංහ ශුරින් ,බද්දේගම නිජබිම කරගත් අයෙකි .ගීතයක අයිතිය සංගීතඥයාට නිසා එදා තරගයෙන් ජයගත් ගීතය දිගටම අපේ ජාතික ගීය වුවා නම් ඒ හරහා මහින්දයට ලැබෙන ගෞරවය වැලැක්විය නොහැකිවනු ඇත .


      



ලිවුවේ සෙව්......

ජාතික ගීය ...... 01

මා කියවූ පුවත්පතක අපේ ජාතික ගීය පිළිබඳව ලිපියක් පල වී තිබුණි .ඒ පිළිබඳව ඔබටත් දැන ගෙනිමට ඉඩ තබන්නට මා අමතක නොකෙලෙමි .

අපේ ජාතික ගීය ගාල්ලේ මහින්දයේදී උපත ලද්දකි. ජාතික ගීය රටක පුරවැසියන්ගේ හදවතට පමණක් නොව ලේ මස් නහර පුරා කා වැදී තිබෙන ජාතියේ උත්තරීතර වූ සංකේතයි .පුර වසර 150ක් බ්‍රිතාන්‍ය ජාතික ගීය වූ ඪදාි් ඩැ එයැ ණස බට ගීයට ලංකාවේ ජාතික ගීය ලෙස නමස්කාර කල අපි 1948 දී නිදහසත් සමග අපේම ජාතික ගීතයක් නිර්මාණය කර ගැනීමට ඇප  කැප වී වේද කළෙමු .

එහෙත් අද අපේම ජාතික ගීයට නමස්කාර කරන ලාංකිකයන් බොහෝ දෙනෙක් එම දැවැන්ත නිර්මාණය බිහිවීමට අදාල බොහෝ සුල මුල නොදනිති .ඒ අබිමානවත් මෙන්ම ශෝකාන්තයක් බවටද පෙරලුනු ඉතිහාස කතාවයි මේ .

බාරත මහා කවි රවින්ද්‍රනාත් තාගෝර් තුමා ලංකාවේ කල සංචාර 3 එතුමාගේ ගීත නාට්‍යය නරඹා  ඇති වූ උද්දීපනය නිසා 1936 දී ශාන්ති නිකේතනයට ගොස් සංගීතය හා චිත්‍ර හැදෑරු ජෝර්ජ් විල්ප්‍රඩ් අල්ව්ස් සමරකෝන් යලි ලංකාවට පැමිනියේ ''ආනන්ද සමරකෝන් '' ලෙසිනි.ඉනික්බිති ගුරුවරයකු ලෙස රැකියාව අරඹා  බද්දේගම ශ්‍රී රතනසාර විද්‍යාලයෙන් පසුව ආනන්ද සමරකෝන් නම් සංගීත හා චිත්‍ර ගුරුවරයා 1938 සිට 40 දශකයේ මුල බාගයේ රාජකාරි කලේ මෙරට බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ වූ ගාල්ල මහින්ද විද්‍යාලයෙන්ය ....................



                        





මහින්ද ශිෂ්‍ය නේවාසිකාගාරයේ නවාතන්කරුවෙකු වූ එතුමා මහින්දයත් එහි බාලිකා පාසල වූ සංඝමිත්තාවත් පිහිටි කඳු ගැට දෙකට මැදිව ඇති ගල් තලාව තම නිර්මාණ බිහි කිරීමේ තෝතැන්න බවට පත් කරගත්තේය .

      ගාල්ලේ මහින්ද භූමිය මෙරට නිදහස් අරගලයේ ජාතික සටන් මධ්‍යස්ථාන අතරින් ප්‍රමුඛස්ථානයක් විය .ගාන්ධිතුමා,ජවහර ලාල්  නේරුතුමා මෙන්ම තරුණ ඉන්දිරා ගාන්ධි පවා මහින්දයට පැමිණ අපේ දේශමාමක බලවේග  හා එකමුතුව නිදහස් සටන තීවුර කළහ .තවද තාගෝර් තුමා හා ශ්‍රේෂ්ඨ කිවිඳියක වූ සරෝජනී නායිදු මැතිනිය ද ඒ හා බද්ද වී පෙරදිග සෞන්දර්යය කලාවක් සඳහා වූ පදනම දැමීමට හවුල් වුවාය .මහින්දය පුරා විසරණය වී තිබු එකී දැවැන්ත පරිසරය ද සමරකෝන් ශුරින් ගේ ගී හා චිත්‍ර නිර්මාණ වලට දැවැන්ත ශක්තියක් එක කලාට සැක නැත .

සමරකෝන් ශුරින් මහින්දයේ සිටි යුගයේ දී ඔහුගේ ජනප්‍රිය නිර්මාණ වලින් බහුතරය බිහි වුයේ ඒ මතය .පොඩිමල් එතනෝ සුරතල් එතනෝ ,එන්නද මැණිකේ මමත් දියඹට ,පුංචි සුදා සුදු කැටියා,ඇසේ මධුර ජීවනයේ ගීතා ,බැස සීතල ගඟුලේ ආදී ප්‍රේමනීය හා සෞන්දර්යාත්මක නිර්මාණ ඒ අතර විය .තවද දේශාබිමනි ගී රැසක්ද එකල ඔහු නිර්මාණය කළේය .

ලිවුවේ සෙව්.......

Saturday, December 14, 2013

ආරම්භය මෙහෙමයි | Let's Start Like This


බ්ලොග් එකට ලියන්න හදන්නේ ජිවිතේ පලවෙනි වතාවට අනේ මන්දා ඉතින් මම මොනවා ලියයිද කියලා නම් මම වත් දන්නේ නැ.කොහොම උනත් සාර්ථක කතා බ්ලොග් එකේ ලියන්න අදහසක් මගේ හිතෙත් තියෙනවා .
             
ඇත්තටම  කිවුවොත් මම බ්ලොග් ගැන අහලවත් තිබුනේ නම් නැ. මට කම්මැලි කමට කරන්න දෙයක් නැ කියලා තරිඳු මල්ලියට කිවුවම මල්ලියා තමයි මට බ්ලොග් ගැන කතාව කිවුවේ .මොනවා කොහොම උනත් මාත් දැන්  බ්ලොග් එකේ සාමාජිකයෙක් ..  කතාවක් තියෙනවනේ ජිවිතේ ජයගන්න නම් බැහැයි කියලා දෙයක් නෑ කියලා  හිතන්න කියලා .මාත් එහෙම හිතනවා .එකේ වරදක් නැනේ යාලුවනේ නේද ?
                          
යම් කෙනෙක් පොතක් පත්තරයක් කියවල ගත්තු දැනුමෙන් තවත් නිර්මාණයක් බිහි කරයි නම් ඒ කෙනා සැබැ  දක්ෂයෙක් . එපමණක් නොව තමන් ලබා ගත් දැනුමෙන් තවත් කෙනෙක්ව පෝෂණය කරයි නම් එයත් දක්ෂකමේ නිහතමානිත්වය කියලයි මම හිතන්නේ ,තමන් ලබා ගත් දැනුම පොදි බැදගෙන ගේ මුල්ලට වී සිටින ගේ බිල්ලන්ද අප සමාජයේ නැතුවමත් නොවේ . එක මං වගේම ඔයාලත් දන්න සාමාන්‍ය දෙයක්.


                                           


පොත් පත් විතරක් නෙමේ දැන් අන්තර්ජාලයත් අපේ දැනුම වැඩි කරගන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ඒක අපි සතුටු වෙන්න ඕන කාරණයක් .ඒ වගේම කණගාටු වෙන්න කරනයකුත් ඒ අතරට තියෙනවා .මක් නිසාද යත් අන්තර්ජාලය භාවිතා කරන උදවිය එය බෙහෙවින් භාවිතා කරන්නේ උවමනා දෙයට නොව නුවමනා දෙයටයි .
                      
අනේ මන්දා මම අනවශ්‍ය දේවල් කියනවද කියලා ඒත් මං කියන්නේ ඇත්ත කියලා නම් මම හොදාකාරවම දන්නවා .
                                                
දැනුම කියන දේ අපිට ලැබෙන්නේ අපි ඉපදුන දවසේ ඉදලා කිවුවොත් හරියටම හරි කියල මම හිතනවා . මක් නිසාද යත් අපි ඉපදිලා මාසයක් දෙකක් ගත උනාම කුලුදුලෙන්ම අපිට නොදෙනීම අපේ මුවින් වචන පිට වෙනවා .ඒ කවුරුත් අපේ කටට වචන බෑග් එකකින් හලලා නෙමේනේ .අවටින් අපේ කනට ගැටෙන වචන මාලාවකින් අපි කටට හලාගත්තු වචන .කොහොමින් කොහොම හරි අපි ටිකෙන් ටික උස්මහත් වෙනකොට වචනයෙන් වචනය අපේ කටට විතරක් නෙමේ ලේ මස් ඇට නහර පුරා දිවෙන විදියට මොලයටම හලා ගන්නවා .                                                                                     අපි ඉපදුන දවසේ ඉදලා මැරෙනකම් ම ලෝකය තුල ජිවත් වෙන්නේ අපි ලග තියෙන දැනුමෙන් .ඒ දැනුම දවසින් දවස මෝරනකොට අපිත් මෝරනවා .අපේ අදහස් උදසහස් අපි ලග තිබුණු සිතුවිලි මේ හැම දෙයක් ම අපි හිතනවටත් වඩා ගොඩක් වෙනස් වෙනවා . මම මේ දැන්  කියන්න යන දේ හැමෝටම නෙමේ සමහර උදවියට යි   හොදේ . අපේ සිතුවිලි වෙනස් වෙනවා කියල මම කිවුවා නේද ?? මේ සිතුවිලි වෙනස් වීම අතර තමන්ගේ අම්මා තාත්තා කවුද කියන එකත් අමතක වෙන දේත් එක කරුණක් තමයි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒ දේ කරන අයට මේක පිළිගන්න වෙනවා ,ඒ වගේම තමන්ගේ දෙමව්පියන් දෙන්නට තමන්ගේ ජීවිතයට වගේම ආදරේ කරන පිරිසකුත් අපි අතර ඉන්නවා කියන එක අමතක කරන්න හොද නෑ.                                                      
මගේ මේ ආරම්භය නිසා වැඩි යමක් කියන්න දැන්ම හදිස්සි වෙන්න බැනේ නේද යාලුවනේ ... මම මේ කියපු දේවල් ටිකෙන් හරි ඔයාලගේ හිතට යම් කිසි අදහසක් ගත්තනම් ඒක මට ලොකු සතුටක් .