Pages

Monday, December 30, 2013

෴ අලුත් අවුරුදු සංදේශය ෴

ඉතින් යාලුවනේ අපිටත් නොදැනිම 2013 අවුරුද්දත් ගෙවිලා ගිය නේද ? මේ අවුරුද්දේ කරපු හොද වැඩ නරක වැඩ හැම දේම දැන් ඉතින් කරලා ඉවරයිනේ ..ගිය අවුරුද්දේ මේ කාලේ එනකොට අපි හිතන්න ඇති ලබන අවුරුද්දේ ඉදලවත් හොදට ඉන්න බලන්න ඕනේ කියලා .ඒත් ඉතින් අපි හොදට හිටිය කාලෙට වඩා වැඩිපුරම ඉදල තියෙන්නේ නරක දේවල් තුල,මොනවා කරන්නද ඉතින් එක ලෝක ස්වභාවය වෙන්න ඇති කියලවත් අපි හිතමු .ඒත් ඒ අතර අපි කරපු හොද වැඩත් නැතුවමත් නොවේ නේද ? ඒ හින්ද අර කරපු නරක වැඩ හැම දේම අමතක කරලා දාල හරියට අපි අපේ පරිගණකයේ වැදගත් නැති ඒවා මකලා දානවා වගේ ඒවත් අපේ හිතින් මකලා දාලා කරපු හොද දේවල් විතරක් තවත් වැඩි දියුණු කරගමු  නේද ? අලුත් අවුරුද්දේ අලුත් සිතුවිලිත් එක්ක අපි අලුත් වෙමු . මේ අවුරුද්දේ අපේ යාලුවෝ ගොඩක් මහන්සි වෙලා අපිට විනෝදය ගෙන දෙන දේවල් කළා .එළබෙන අලුත් අවුරුද්දේ මේ අවුරුද්දේ කළාටත් වඩා ගොඩක් වැඩසටහනුත් ඉදිරිපත් කරන්න අපි උනන්දු වෙමු . මම මේ කියන ඒවා පණ්ඩිත කමට කියවනවා කියලා බනින්න එහෙම එපා හොදේ :) මගේ හිතට ආපු ඒවා තමයි මම ඔයාලටත් කියන්නේ ..


        


ඔයාලට ඔය මම උඩින් පෙන්නලා තියෙන චායාරුපේ හොදට මතක ඇතිනේ නේද ? දැන් ටික දවසකට කලින් අපේ යාලුවෝ එකතු වුනු තැනක  චායාරුපයක් තමයි නේද ?මේ වගේම ලබන අවුරුද්දෙත් අපි හැමෝම එකතු වෙමු.
                බ්ලොග් ලියන අපිත් අපිට පුළුවන් විදියට පුළුවන් තරම් අලුත් හොද අදහස් ලියමු .හොද වැඩ කරමු ,රටට වැදගත් ගුණගරුක හොද පුරවැසියන් වෙමු .
                  එසේනම් ලබන්නා වූ මේ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!! අලුත් අදහස් අලුත් පැතුමන් හැමෝගෙම සිත් වල පහල වේවා !!!

         

7 comments:

  1. ඔයාටත් පවුලේ හැමෝටමත් ලබන්නා වූ 2014 සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  2. මමත් අවුරුද්ද අවසානෙ ලේසි වැඩක් කරනව,

    ඔයාටත් පවුලේ හැමෝටමත් ලබන්නා වූ 2014 සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! LOL

    ReplyDelete
    Replies
    1. lesi weda karanna ehenam .... oyatath esema wewa !!!

      Delete
  3. සුභම සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
  4. හරිම ලස්සනයි.. දිගටම ලියන්න.

    ReplyDelete

ඔයාල මේක කියවලා යම් දෙයක් හිතට දැනුනනම් ඒ හැම දෙයක්ම මට අකුරු වල එකතුවෙන් ඉතිරි කරල යනවනම් මම කෘතඤ වෙනව...