Pages

Saturday, December 28, 2013

මිරිගුවක අතරමන් වූ මා ..........

වසන්තය උදා විය,විහගුන් ගේ කිචි බිචි හඬ දසත පුරා දෝංකාර දෙති .සුන්දර වූ පරිසරයක් සැකසී ඇති මේ වසන්ත කාලය සතුන් සිවුපාවුන්ට මෙන්ම අපගේද සිත් වලට  පුදුමාකාර නිදහසකි, සතුටකි, සැනසිල්ලකි. නෙත් අදහාගත නොහැකි ලෙස මෙවර වසන්ත සමය උදා වී ඇත .  ගහකොළ වල වෙනදාට වඩා විශාල ලෙස මල් පල හට ගෙන ඇත .මේ සෑම දෙයකින්ම ප්‍රබෝදමත් වී ගී ගයන නටන සතුන් සිවුපාවුන් දුටු ඕනෑම කෙනෙකුගේ සිතේ ඇති තෙහෙට්ටු ගතිය දුක සංකා මේ හැම දෙයක්ම නැති වෙලා යනවා නොඅනුමානයි .
            අපේ ගෙදර කට්ටිය නුවර එළියේ ට්‍රිප් එකක් යන්න ගෙන තිබුනේ මේ කාලයේ තමයි .මාත් ඉතින් හිතේ ඉපිලී ගිය සතුටකින් ඇගිලි ගැන ගැන හිටියේ අප්‍රේල් 24 වෙනිදා වෙනකම් .ඒ දවසත් ඉක්මනට උදා වේවි කියලා මාත් ගමනට ඕන කරන අඩුම කුඩුම ටිකත් කල් තියාම පිළිවෙලකට අහුරගෙන හිටියා .ඒක කොයිකටත් හොදයිනේ .
             මං හිතපු විදියටම අප්‍රේල් 24 වෙනිදා ඉක්මනින්ම උදා උනා .ගෙදර කට්ටියත් උදේ පාන්දරම කඩි මුඩියේ ලැහැස්ති වෙනවා ,මාත් ඉක්මනටම ලැහැස්ති වෙලා වෑන් රථයේ පිටිපස්සෙම ෂිට් එකේ අයිනේම ඉදගත්තා .හැමෝම වෑන් රථයට ගොඩ වෙලා සාදු කාරයක් දීලා ගමන යන්න පිටත් වුනා .උදේ පාන්දර නිසා කට්ටිය හිටියේ නිදි මතේ . මේ ගමනට මගේ හිතේ  තිබුණු උනන්දුව ආශාව නිසාම නිදිමතක් කම්මැලි කමක් කියන දෙයක් මගේ හිත අහලකවත් තිබුනේ නෑ.
         කොහොමින් කොහොම හරි අපිට නොදැනිම අපි රුවන්වැල්ල නගරයටත් ලං වෙලා ,උදැසන ආහාරය ගන්න වාහනය නතර කලේ රුවන්වැල්ලේ අපේ නෑදෑ කෙනෙක්ගේ ගෙදරක ඒක නිසා අපිට කිසි ප්‍රශ්නයකින් තොරව අපේ ගෙදර වගේ හැම දෙයක්ම පාඩුවේ කරගන්න ඉඩ හසර ලැබුනා .
         ඉක්මනින් උදැසන ආහාරය අරගෙන හැමෝගෙම අනිකුත් අවශ්‍යතාවනුත් ඉටු කරගෙන නැවත අපි වෑන් රථයට ගොඩ වුනෙමු .හැමෝම උදේ කෑමත් අරගෙන් හිටපු නිසා දැන් නම් ටිකක් ප්‍රබෝදමත් වෙලා .කට්ටිය වයින් කරපු බෝනික්කෝ වගේ සින්දු කියනවා .මාත් ඉතින් එයාලට පරාද වෙන්නේ නැතුව හයියෙන්ම සින්දු කිවුවා .සාරංග අයියා තමයි ඩොල්කිය ගහන්නේ ,අම්මලත් අත්පුඩි ගහල අපිට සහයෝගය දෙනවා .මේ අතරතුර අමතරව කටට හලාගෙන මොනවා හරි හපන්න අරගෙන යන්න මම අමතක කලේ නම් නෑ. ඊයේ රෑ මම අච්චාරුවක් හදල ලීටරේ අයිස් ක්‍රීම් කප් එකකට දාගෙන ගියා . අපේ කට්ටියත් දෙයියන්ගේ පිහිටෙන් එපා නොකියා ඒකටනම් වගකිවුවා .
     
                     
     


විනෝදයෙන් ගමන යන නිසා මහන්සියක් නම් කාටවත් ඇත්තෙම නෑ,ඒක මුනවල් දිහා බැලුවම කියන්න පුළුවන් .ඒත් මං නම් ටිකක් පැත්තකට වුනා පාර දෙපැත්තේ ලස්සන බලන්න අප්‍රේල් මාසේ නිසා බැලු බැලු අත නෙත් අදහාගත නොහැකි චමත්කාර දර්ශන දැක ගැනීමට පුළුවන් ,ටිකෙන් ටික අපි නුවර එලියට ලගා වෙමින් හිටියා .මගේ මනස වෙනම අතකට යොමු වුනේ මේ වෙලාවේ තමයි අපේ වාහනය තේ බොන්න නතර කලේ ,තවත් කට්ටියක් ට්‍රිප් එකක් ආපු වාහනයක් ලඟමයි .මං ජනේලේ ලග ඉඳගෙන හිටපු නිසා එළියේ හැම දෙයක්ම මට හොදට බලන්න පුළුවන් වුනා ,එහා පැත්තේ වාහනයේ ජනේලේ අයිනේ තිබුණු දසුනට මගේ හිතත් නෙතත් නතර වුනා .මාව වෙනමම ලෝකයක අතරමන් කළා .නමුත් එක පාරටම ඒ දසුන අතුරුදහන් වුනා .මාව  ගැස්සුනා !,,ඒ වෑන් රථය එතනින් පිටත් වෙලා .ඒ වෙලාවේ ඉදන් මං කිසිම විනෝදයකින් නෙමේ හිටියේ ,මගේ මනසේ දිවුවේ මං දැක්ක ඒ රූපේ විතරයි .මං හිත හිතා ගියේ ඒ රූපේ මට ආයිමත් දකින්න ලැබෙන්න කියලා .අනේ මන්දා ගෑනුළමයෙක්ට එහෙම හිතෙන එක වැරදිද කියලා ඒත් මං කියන්නේ මට හිතුනු දේ ,මාව අතරමන් කරපු ඒ රූපේ මට ආයිමත් නුවර එළියේදී නෙත ගැටුනා ...
                         අපි නවාතැන් ගත්තු නිකේතනයේ ම තමයි ඒ අයත් නවාතැන් ගත්තේ .අපේ කට්ටිය නවාතැන්පලෙත් රාත්‍රී කෑමෙන් පසු නැවත පැදුරු පාටියක් දාන්න ගත්තා ,මේ වගේ දේවල් වලට නිතරම ආස කරන මම මෙදින කිසි දේකට සහබාගි නොවී පැත්තකට වෙලා මගේ හිතේ අතරමන් වුනු ඒ රූපේ ගැන කල්පනා කරමින් සිටියෙමි .අනිත් කට්ටිය ඇහුවත් මගෙන් ඇයි කියලා මං කිවුවේ මට මහන්සි කියලා ..මං වේලාසනම නින්දට ගියා පහුවදා උදේ නැගිටලා කට්ටියම ඇවිදින්න යන්න ලැහැස්ති වුනා .මාත් ඉතින් ලැහැස්ති වුනා ,නමුත් මං තාමත් අතරමන් වුනු වෙනම ලෝකෙක...
          අපි මුලින්ම  ගියේ හග්ගල මල් වත්තට මට එහෙදි ඇස් වලට කඳුලු එකතු වෙන සිදුවීමක් දකින්න ලැබුනා..ඒ අර මං අතරමන් වෙලා හිටපු රූපේ තවත් ගෑනු ළමයෙක්ගේ අතින් අල්ලගෙන ලස්සනට හුරතල් වෙමින් ඇවිදින හැටි ..... ආදරේ කියන්නේ මිරිගුවක්ද කියල මට එවෙලේ හිතුනා .ඒත් මගේ හිත මොනවා කරන්නද ?පිරිමි ළමයෙක්ට වගේ ගෑනු ළමයෙක්ට කෑ ගහලා කියන්න බෑනේ මම ඔයාට පිස්සු වැටිලා මම ඔයාට ආදරෙයි රත්තරන් කියලා,මං  දන්නවා දැකපු ගමන් කොල්ලෙක්ට ආදරේ කිරීම වැරද්දක් කියලා නමුත් පෙර ආත්මයක කුමක් හෝ බැදීමක් තියෙන්න ඇති ඒ ළමයත් එක්ක ,මෙච්චර කල් කොච්චර පිරිමි ළමයි දැකල ඇත්ද ඒ ළමයා නිසා විතරක් ඇයි එහෙනම් මම මෙච්චරටම  පිස්සුවැටුනේ ?වෙලාවකට මේකත් මහා විකාරයක් වෙන්න ඇති නේද??
         අපි දවස් දෙකක් නුවර එළියේ ඉදලා හැම තැනකම ඇවිදලා ගෙදර ආවෙමු . නුවර එළියේදී මට සිදු වුනු ඒ සිද්දියෙන් පස්සේ මම ගොඩක් වෙනස් වුනා  කියලා  මට හිතෙනවා .මට කවමදාකවත් එහෙම හැගීමක් දැනිලා නෑ .ජිවිතේ පලවෙනි වතාවට එහෙම දැනුනේ ;මම තාමත් ඒ රූපේ අතර  අතරමන් වෙලා .වෙන කෙනෙකුට අයිති වස්තුවකට දුරින් ඉදන් ආදරේ කලට ඒක වැරද්දක් නෙමේ කියල හිතමින් තාමත්මං ඉන්නවා .යලිත් වරක් කවදා දිනක  හෝ කොහේදී හෝ එක දවසකින් මාව වෙනස් කරපු ඒ රූපේදකින්න හම්බවෙන්න කියලා  ප්‍රර්ථනා කරනවා !!!!!!     


                            
       



             ලිවුවේ සෙව් ෴                                                                                                                                                          


                                     

11 comments:

  1. //හැමෝගෙම අනිකුත් අවශ්‍යතාවනුත් ඉටු කරගෙන නැවත අපි වෑන් රථයට ගොඩ වුනෙමු// ඒකනං හොඳ වැඩක් :3

    මොන කෙල්ලගෙ වුනත් ඕව ටික දවසයි.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා අවංක හදවත් තියෙනවා ඒ අතර :)

      Delete
  2. රස බර සංචාරක සටහනක්... දිගටම ලියන්න.. ඔන්න මං ෆලෝ පාරකුත් දැම්මා.

    ReplyDelete
  3. දිගටම ලියන්න.. රහට ලියලා.. :)

    ReplyDelete
  4. දිගටම ලියන්න නංගෝ..

    ReplyDelete
    Replies
    1. හරි අක්කියෝ තැන්ක්ස්

      Delete
  5. දිගටම ලියන්න ඔන්න අපිත් නතර උනා මේ පැත්තේ.... බ්ලොග් කියවන එක ටික දවසක් නතර වෙලා තිබුනේ එත් ඉස්ස්සරහට එහෙම වෙන එකක් නැ සෝ අත්දැකීමක් නම් එක ජිවිතේ ඔහොම තමා නගෝ.... අපි හිතන පතන දේවල් හැමදේම ජීවිතේට එහෙම ලැබෙනවානම් අපි ජිවත් වෙනවා කියලා දැනෙන එකක් නැ.. සෝ සිතිවිල්ලක් විතර නම් ගොඩක් හොදයි රහයි

    ReplyDelete
    Replies
    1. හ්ම් එකනම් ඇත්ත අයියේ..... ඔයා ඇවිදින ගමන් මගේ බ්ලොග් එකට ගොඩ වෙලා සහයෝගය දුන්නට තැන්ක්ස් හොදේ....... :)

      Delete
  6. අනර්ගයි. ලස්සනයි. දිගටම ලියන්න ජය වේවා.

    ReplyDelete

ඔයාල මේක කියවලා යම් දෙයක් හිතට දැනුනනම් ඒ හැම දෙයක්ම මට අකුරු වල එකතුවෙන් ඉතිරි කරල යනවනම් මම කෘතඤ වෙනව...