Sunday, January 26, 2014
මගේ දෙව්දුව ඔබයි......
සොවින් තැවෙන මගේ දෙකමුල්
සෙනෙහෙවන්ත දෑත් වලින්
ආදරයෙන් පුරවාලා
සතුට දුන්නේ ඔබයි......
හැම රැයකම නිදි වරනා
නින්දෙදි ඉකි හඩ ගසනා
නිදි නොවදින මගේ දෑසට
නිදි දෙව්දුව ඔබයි........
හාමතින් හඩන ළදරු මෙමට
සිරුරේ ලේ කිරි කරලා
දෙතනින් මා හට පොවලා
මා සැනසුවේ ඔබයි....
රුවලට බැදි හබලක් සේ
මා අසලට වී හිදගෙන
ක්ෂිතිජය නැති මගේ දිවියට
පාර කැපුවේ ඔබයි.....
ඔබට තියෙන ණය ගෙවන්න
මා උපදින හැම භවයෙම
ඔබ සිටියත් මදි
ආදර මගේ අම්මේ................
Subscribe to:
Post Comments (Atom)
හොඳයි...
ReplyDeleteනිමක් නැති සංකල්පනා බිහිවෙන්නේ මේ උතුම් ගැහැණිය වෙනුවෙන්මයි!!!!
ReplyDeleteඅනිවාරයෙන්ම ඇය වෙනුවෙන් වචන පබදින්නට කල්පනා කරන්නටද උවමනා නැ.......
Deleteලස්සනයි සෙව්. ලස්නට ලියල තියෙනව. ජය වේවා
ReplyDeleteතැන්කු ශාන් !!!!
ReplyDeleteලස්සනයි අක්කේ... කාලෙකින් ආවෙ ඈ...
ReplyDelete
ReplyDeleteෆට්ට
තැන්කු :)
DeleteWhich Casino Sites Make Money From Online Betting
ReplyDeleteAt BetOnline, it's very easy to get into mgm 공식 사이트 betting when you know what the sportsbooks 포커 배열 키보드 are offering them. 벳 365 코리아 우회 If you want to bet on football, there are a 인터넷 바카라 few other 슬롯머신 options.