ඇය කිසි විටෙක් තමන්ගේ අහිංසක දෙමවුපියන්ගේ හිත් රිදවන කිසිදු දෙයක් කලේ නැත.ඇය කිසිමදාක තමන්ව රැවැට්ටු ධනුකට වෛර කලේ නැත,ඇය හැමවිටම ප්‍රර්ථනා කලේ ධනුකගේ සතුට විතරයි.කාලයගේ ඇවෑමෙන් ඇය මේ හැම දෙයක්ම හිතේ යටපත් කරගෙන නැවත සිනාසෙන්න ට පටන් ගත්තාය. දැන් ඇය අවුරුදු 21 කි .මේ කාලයේදී තමයි ඇය හර්ෂ ව මුණ ගැසුනේ . ඔයාල බලනවා ඇති නේද කවුද මේ හර්ෂ කියලා .හර්ෂ කියන්නේ ඇයගේ ජිවිතයට ආ දෙවෙනි පෙම්වතා ඔහු ඇයට වඩා අවුරුදු 8ක් වැඩිමහල්ය.නමුත් ඔහු සකුට ඇත්තටම ආදරේ කළා .සකු මුලින් කැමති උයේ නැත පසුව මාසයකින් පමණ ඔහු හොද කෙනෙක් බව සකුට වැටහිණි .සකු ඔහුට ආදරේ කරන්න පටන් ගත්තාය....ඇයත් ඔහු වැඩිමහල් වුවාට බොහෝ සෙයින් ආදරය කළාය .අවුරුදු 4ක් ගත විය සකු හර්ෂට කියා සිටියේ ගෙවල් වලට මේ බව පවසා විවාහ වෙමු කියාය . හර්ෂ මේ බව නිවෙස් වලට පැවසුවත් සිදු උයේ අපට සිත ගත නොහැකි දෙයකි .හර්ෂගේ පවුලේ උදවිය සකුට අකමැති විය .මොවුන් දෙදෙනාගේ මේ බැදීම සකුගේ මව දෙන සිටියාය .මේ පුවත දැනගත් සකුගේ මව බොහෝ සෙයින් කණගාටුවට පත් විය .සකුටද පිස්සු වගෙය ඇයට මෙවෙනි දෙයක් සිදු උයේ පළමු වර නොවේ දෙවෙනි වරයි පළමුවර වූ දෙයින් හිත හදාගත් ඇයට මෙවර හිත හදාගැනීමට නොහැකි වුයේ අවුරුදු 4ක් සකු ඔහුට ලංව පෙම් කල නිසාය.ඇය අසරණ විය මුළු ලෝකෙටම ඇහෙන්න කෑ ගහල දන්නට සිතුනි .තමන් මෙච්චරම අවාසනාවන්තද යැයි ඇයට සිතුනි .සකුත් හර්ෂත් තම දෙමවුපියනේගේ සිත් රිදවන දරුවන් නොවන නිසා හිතුවක්කාරකම් කිරීමට ඔවුන්ට සිතුනේ නැත . හර්ෂත් සිටියේ දරාගත නොහැකි දුකකින්ය ඔහුත් අසරණ වී සිටියේ මෙයට කුමක් කලයුතුද යන්න තීරණයක් ගත නොහැකිවයි.නමුත් හර්ෂට වැඩි කාලයක් යන්නට පෙර ඔහුගේ දෙමවුපියන් මනමාලියක් හොයා කසාද බන්දවා දෙන්නට තීරණය කළහ . කිසිම දෙයක් කරගන්නට බේරී වූ ඔහුට අන්තිම සිදු වුයේ දෙමවුපියන්ගේ කැමැත්ත ඉටු කිරීමටය . ඔහු විවාහ විය ,නමුත් සකු !! ඇයට කුමක් සිදු වියද ? සකුගේ අසරණ මවත් පියත් සකුට විවාහ සෙව්වද ඇයට මේ කිසි දෙයකට හිතක් නොතිබිණි .ටික කලක් ගත විය ,සකු තම දෙමවුපියන්ගෙන් ඉල්ලීමක් කලාය.ඇයගේ මේ ඉල්ලීම සකුගේ මවටත් පියාටත් ඇස් අදහාගත නොහැකි විය .සකුගේ මවට කියවුනේ අනේ දුවේ කියන දේ පමණි .නමුත් සකු අඬ අඬා ඔවුන් දෙපළගෙන් ඉල්ලා සිටියේ කෙසේ හෝ මෙයට අවසර දෙන ලෙසටයි . සකු ඉල්ලා සිටියේ ඇයට මහණ වෙන්නට ඉඩ දෙන්න කියාය . සකු දෙමවුපියන් හට කිවේ මහණ වුනොත් ඇයගේ හිතට සැනසිල්ලක් ලැබෙන බවයි .ඇයගේදෙමවුපියන් හිතේ ඇති දුක දරාගෙන ඇයව ශාසනයට බාර දුනි .සකු දැහැන් ගත විය ඇය දැන් මෙහෙණියක් ...ඇයගේ සිතේ ආදරය ගැන බැදීමක් දැන් සිතේ නොමැත ඇය දැහැන් ගත වී හමාරය .ඇයගේ මඟ දැන් පැහැදිලිය යොවුන් වියේ දගරකම් කම් කරමින් දුවපු පැනපු සකු දැන් තැන්පත් ගමනින් ඇයගේ ආරණ්‍ය වෙත ගමන් කරයි .ඇය දැන් සකු නොවේ මෙහෙණින් වහන්සේ නමකි .
''සකු මෙහෙණින් වහන්සේ තුල දැන් ඇත්තේ ආදරය නොවේ ..ජීවිතය නමැති මේ බවයෙන් නිවන් දක්නා මග සෙවීමයි ''
හරිම ලස්සනයි.. දිගටම ලියන්න.
ReplyDeleteතැන්කු අක්කියෝ
Deleteඔ...න් ආවෙ නෑ කියන්න එපා හරිය , සිරාවටම ආවෙ අද මෙ පෑත්තෙ
ReplyDeleteහරිය හරිය . තැන්කු මෙ පැත්තට ඇවිත් මාව බලලා ගියාට හොදේ.....
Deleteහරිම ලස්සනයි සෙව්. ඒ වගේම තමා ගොඩක් දුක හිතෙනව.
ReplyDeleteඔයාට විතරයි අනේ හරියට කතාව තේරුනේ ... තැන්කු ශාන්
ReplyDelete