Pages

Monday, December 16, 2013

ජාතික ගීය 02

ආනන්ද සමරකෝන් ශුරින් නිර්මාණය කල දේශාබිමානි ගී අතර ජන සැම මහා අදිපතියන් තුති වේ ,රකිනු මැනවි ලක් මාතා ,බලන්න සොයුරිය හා හා හා නුබේ ලක් මව දුකෙන් හා නමෝ නමෝ මාතා ඒ අතර විය .එකී දේශාබිමානි ගී මහින්දයේදී  නිර්මාණය වුවා  පමණක් නොව සමරකෝන් ශුරින් ,මහින්දයේදී ඕල්කට් ශ්‍රවනාගාරයේදී පියානෝව වටා රැස් වු කුඩා මහින්ද සිසුන් සමග ඒවා ගායනා කරමින් අත්හදා බැලුවේය .එකී පෙුෟඩ ඉතිහාසයට ගෞරවනීය සාක්කිකරුවෙකු ලෙස ඉදි වූ ඵලකයක්ද මහින්දයේදී  ඕල්කට් ශ්‍රවණාගාරය තුල ස්ථාපිතව තිබේ .එසේ නිර්මාණය වූ දේශාබිමානි ගී රැසක් තැටි ගත කිරීමද සිදු වී ඇති අතර සමරකෝන් ශුරින් ස්වර්ණා ද සිල්වා සමග ගැයූ ''නමෝ නමෝ මාතා '' ගීතය  රට තුල දැවැන්ත ජනප්‍රියත්වයක් ලබා ගත්තේය .1948 අප නිදහස ලැබීමට ආසන්න යුගයේ ජාතික ගීයක් තෝරා ගැනීමට තරඟයක් පැවැත්වූ අතර ශ්‍රී ලංකා ගාන්ධර්ව සභාව එහි මුලිකත්වය ගත්තේය .එම තරඟයට ''නමොනමෝ මාතා'' ගීතය ඉදිරිපත් කලද ජයගත්තේ ''ශ්‍රී ලංකා මාතා පාලා යස මහිමා ජය ජය ''ගීයයි .

48 පළමු නිදහස් සැමරුම් උත්සවයේදී ගායනා කලේද එයයි .එහි පද රචකයා ප්‍රකට කවියෙකු වූ පි.බි.ඉලංගසිංහ ශුරින්ය .සංගීතය හා තනුව සංගීත විශාරද ලයනල් එදිරිසිංහ ශුරින්ගේය . එහෙත් ඔවුන් දෙදෙනාම එම ගී තරඟයේ විනිශ්චය මණ්ඩලයේ සිටි බවත් ඒ තුල අක්ක්‍රමිකතාවක් සිදු වූ බවටත් චෝදනා එල්ල වීම හේතුවෙන් රජය එම ගීතයේ නිල පිළිගැනීම අහෝසි කළේය .

පසුව 1950 අප්‍රේල් වලදී එවකට මුදල් ඇමති ජේ.ආර්.ජයවර්ධන මහතා කැබිනට් සංදේශයක්  ඉදිරිපත් කරමින් කිවේ ජතික උත්සව වලදී අනිවාර්යෙන් ගැයෙන ගුවන් විදුලියේ නිතර ඇහෙන ජනතාව විසින් නිල නොවන ජාතික ගීය ලෙස ගෞරව කරනු ලබන ''නමෝ නමෝ මාතා'' අපේ ජාතික ගීය ලෙස පිළිගත යුතු බවය . දීර්ඝ සංවාදයකින් පසුව සමරකෝන් ශුරින් විසින්ම කරන ලද වචන 2ක සුළු වෙනසක් සමග 51 නොවැම්බර්  22දා ''නමෝ නමෝ මාතා  '' ලක් දෙරණේ ජාතික ගීය බවට පත් විය .එහෙත් ඊට පෙර 1949 නිදහස් උළෙලේදී ද එම ගීතය සිංහලෙන් මෙන්ම දෙමලෙන් ද ගායනා වී තිබේ .එහෙත් සමරකෝන් ශුරින් ට නින්ද ,මඩ, අභූත චෝදනා  රැසක් එල්ල වන්නට විය . ආණ්ඩු පෙරලුනේ ,රාජ්‍ය නායකයන් මිය ගියේ රට තුල නොසන්සුන්තා ඇතිවන්නේ ජාතික ගීයේ අපල නිසා බවද සමහරු අර්ථ දක්වන්නට වුහ .''නමෝ'' පදයේ ''න'' අක්ෂරය අසුබ බවටද හඩක් නැගින .


      

1961 දී එය ''ශ්‍රී ලංකා මාතා '' ලෙස සමරකෝන් ශුරින්ටද  නොදන්වා වෙනස් වුයේ ඒ තුලය . ඒ ගැන ඔහු දැඩි සේ කම්පා විය .මේ අසාධාරණයට එරෙහිව තමා ජිවිතයෙන්ද වන්දි ගෙවන බවට ඔහු කිවත් කිසිවෙකු එය ගණන් ගත්තේ නැත .දෙවරක් නිදි පෙති බී බේරුණු ඔහු තුන් වෙනි වර නිදිපෙති 30ක්ම පානය කොට 1962 අප්‍රේල් 02දා ජාතියම හඬවමින් හා කම්පනයට පත් කරමින් ලක් දෙරණට සමු දුන්නේය . අද මුළු මහත් ජාතියම වන්දනීය ලෙස ගෞරව කරන අපේ ජාතික ගීයේ බිහිවීම හා නිර්මාණකරුවාගේ  ඛේදජනක ඉරණම පිලිබඳ සත්‍ය වුත් කතාව එසේය .

අපේ වත්මන් ජාතික ගීය මහිනාදයේදී බිහි වුවා පමණක් නොව ගාන්ධර්ව සභාව විසින් තෝරාගන්නා ලද ''ශ්‍රී ලංකා මාතා පාලා යස මහිමා ජය ජය ''ගීතයද මහින්දයට දැඬි සබඳතාවක් සහිත නිර්මාණයකි .එනම් එම ගීතයේ සංගීතය හා තනුව නිර්මාණය කල ලයනල් එදිරිසිංහ ශුරින් මහින්දයේ කීර්තිමත් ආදී ශිෂ්‍යකු වීමය .භාත්කණ්ඩේ සරසවියෙන් සංගීත විශාරද උපාධිය ලැබූ පළමු ලාංකිකයා වූ එදිරිසිංහ ශුරින් ,බද්දේගම නිජබිම කරගත් අයෙකි .ගීතයක අයිතිය සංගීතඥයාට නිසා එදා තරගයෙන් ජයගත් ගීතය දිගටම අපේ ජාතික ගීය වුවා නම් ඒ හරහා මහින්දයට ලැබෙන ගෞරවය වැලැක්විය නොහැකිවනු ඇත .


      



ලිවුවේ සෙව්......

2 comments:

  1. දේශානුරාගී හැඟීම්... :P

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි අපි ඒ වගේ හැගීම් තියෙන්න ඕන නේ .... :P

      Delete

ඔයාල මේක කියවලා යම් දෙයක් හිතට දැනුනනම් ඒ හැම දෙයක්ම මට අකුරු වල එකතුවෙන් ඉතිරි කරල යනවනම් මම කෘතඤ වෙනව...