Pages

Saturday, December 14, 2013

ආරම්භය මෙහෙමයි | Let's Start Like This


බ්ලොග් එකට ලියන්න හදන්නේ ජිවිතේ පලවෙනි වතාවට අනේ මන්දා ඉතින් මම මොනවා ලියයිද කියලා නම් මම වත් දන්නේ නැ.කොහොම උනත් සාර්ථක කතා බ්ලොග් එකේ ලියන්න අදහසක් මගේ හිතෙත් තියෙනවා .
             
ඇත්තටම  කිවුවොත් මම බ්ලොග් ගැන අහලවත් තිබුනේ නම් නැ. මට කම්මැලි කමට කරන්න දෙයක් නැ කියලා තරිඳු මල්ලියට කිවුවම මල්ලියා තමයි මට බ්ලොග් ගැන කතාව කිවුවේ .මොනවා කොහොම උනත් මාත් දැන්  බ්ලොග් එකේ සාමාජිකයෙක් ..  කතාවක් තියෙනවනේ ජිවිතේ ජයගන්න නම් බැහැයි කියලා දෙයක් නෑ කියලා  හිතන්න කියලා .මාත් එහෙම හිතනවා .එකේ වරදක් නැනේ යාලුවනේ නේද ?
                          
යම් කෙනෙක් පොතක් පත්තරයක් කියවල ගත්තු දැනුමෙන් තවත් නිර්මාණයක් බිහි කරයි නම් ඒ කෙනා සැබැ  දක්ෂයෙක් . එපමණක් නොව තමන් ලබා ගත් දැනුමෙන් තවත් කෙනෙක්ව පෝෂණය කරයි නම් එයත් දක්ෂකමේ නිහතමානිත්වය කියලයි මම හිතන්නේ ,තමන් ලබා ගත් දැනුම පොදි බැදගෙන ගේ මුල්ලට වී සිටින ගේ බිල්ලන්ද අප සමාජයේ නැතුවමත් නොවේ . එක මං වගේම ඔයාලත් දන්න සාමාන්‍ය දෙයක්.


                                           


පොත් පත් විතරක් නෙමේ දැන් අන්තර්ජාලයත් අපේ දැනුම වැඩි කරගන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ඒක අපි සතුටු වෙන්න ඕන කාරණයක් .ඒ වගේම කණගාටු වෙන්න කරනයකුත් ඒ අතරට තියෙනවා .මක් නිසාද යත් අන්තර්ජාලය භාවිතා කරන උදවිය එය බෙහෙවින් භාවිතා කරන්නේ උවමනා දෙයට නොව නුවමනා දෙයටයි .
                      
අනේ මන්දා මම අනවශ්‍ය දේවල් කියනවද කියලා ඒත් මං කියන්නේ ඇත්ත කියලා නම් මම හොදාකාරවම දන්නවා .
                                                
දැනුම කියන දේ අපිට ලැබෙන්නේ අපි ඉපදුන දවසේ ඉදලා කිවුවොත් හරියටම හරි කියල මම හිතනවා . මක් නිසාද යත් අපි ඉපදිලා මාසයක් දෙකක් ගත උනාම කුලුදුලෙන්ම අපිට නොදෙනීම අපේ මුවින් වචන පිට වෙනවා .ඒ කවුරුත් අපේ කටට වචන බෑග් එකකින් හලලා නෙමේනේ .අවටින් අපේ කනට ගැටෙන වචන මාලාවකින් අපි කටට හලාගත්තු වචන .කොහොමින් කොහොම හරි අපි ටිකෙන් ටික උස්මහත් වෙනකොට වචනයෙන් වචනය අපේ කටට විතරක් නෙමේ ලේ මස් ඇට නහර පුරා දිවෙන විදියට මොලයටම හලා ගන්නවා .                                                                                     අපි ඉපදුන දවසේ ඉදලා මැරෙනකම් ම ලෝකය තුල ජිවත් වෙන්නේ අපි ලග තියෙන දැනුමෙන් .ඒ දැනුම දවසින් දවස මෝරනකොට අපිත් මෝරනවා .අපේ අදහස් උදසහස් අපි ලග තිබුණු සිතුවිලි මේ හැම දෙයක් ම අපි හිතනවටත් වඩා ගොඩක් වෙනස් වෙනවා . මම මේ දැන්  කියන්න යන දේ හැමෝටම නෙමේ සමහර උදවියට යි   හොදේ . අපේ සිතුවිලි වෙනස් වෙනවා කියල මම කිවුවා නේද ?? මේ සිතුවිලි වෙනස් වීම අතර තමන්ගේ අම්මා තාත්තා කවුද කියන එකත් අමතක වෙන දේත් එක කරුණක් තමයි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒ දේ කරන අයට මේක පිළිගන්න වෙනවා ,ඒ වගේම තමන්ගේ දෙමව්පියන් දෙන්නට තමන්ගේ ජීවිතයට වගේම ආදරේ කරන පිරිසකුත් අපි අතර ඉන්නවා කියන එක අමතක කරන්න හොද නෑ.                                                      
මගේ මේ ආරම්භය නිසා වැඩි යමක් කියන්න දැන්ම හදිස්සි වෙන්න බැනේ නේද යාලුවනේ ... මම මේ කියපු දේවල් ටිකෙන් හරි ඔයාලගේ හිතට යම් කිසි අදහසක් ගත්තනම් ඒක මට ලොකු සතුටක් .


9 comments:

  1. බුකියෙ රවුමක් යද්දි අහම්බෙන් වගේ ලින්ක් එක දැකලයි මේ පැත්තට ගොඩ උනේන. බ්ලොග් එකක් ලියන්න උත්සහයක් ගන්න එක ගැන සතුටුයි. බ්ලොග් ගැන කතාකරන්නනම් මම බ්ලොග් ලෝකේ මහා ලොකු වැඩ්ඩෙක් නම් නෙමෙයි. ඒත් මේ ටික කියන්න හිතුන නංගට උදව්වක් විදිහට.

    බ්ලොග් පෝස්ට් වල අකුරු තව ටිකක් ලොකු කරන්න. නැත්නම් කියවන්න අමාරුයි. ෆලෝ ගැජට්ටුවත් එකතු කරන්න.

    ඉතින් බ්ලොග් ලෝකෙ ලොකු ගමනක් යන්න උණුසුම් සුභ පැතුම්.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි අයියේ .

    ReplyDelete
  3. නියමයි දිගටම කරගෙන යන්න...

    ටෙම්ප්ලේට් එක තව පොඩ්ඩක් ලස්සනට හදන්න.

    මං ගැනත් කිව්වට අවංක ස්තූතිය...

    ජය...!

    ReplyDelete
    Replies
    1. මල්ලියෝ ගොඩාාාාක් ස්තූතියි ඔයාට!!!

      Delete
  4. වර්ඩ් වොරිෆිකේශන් අයින් කරන්ඩෝ...

    ReplyDelete
  5. ආ... ඔයත් ආවද? බුදු සරණයි දුවේ!! මේකට ෆලෝවර් මොකද්ද එක දාන්න. අපි නං දන්නෙත් නෑ ඕවා වැඩිය ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අඩව් රජ !!!!

      Delete
  6. තවත් අපූරු කෙනෙක් බ්ලොග් ලෝකෙට එකතු වෙලා වගේ! හරිම සන්තෝසයි හරිම සන්තෝසයි.. දිගටම ලියමු... ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි !!!!!!!!!!!!!!!! :)

      Delete

ඔයාල මේක කියවලා යම් දෙයක් හිතට දැනුනනම් ඒ හැම දෙයක්ම මට අකුරු වල එකතුවෙන් ඉතිරි කරල යනවනම් මම කෘතඤ වෙනව...