නිසදෙස්
කවිකාර සිතුවිලි මා සිතට පහළ වූ මේ සැඳැ යාමයේ
නිසදෙස් ලියන්නට සිතුනි අතීතය ගොනු කොට .........
දුටුවත් ඔබ රුව නොදුටු ලෙස ඉන්නට මා වෙර දරමි
අැසුනත් ඔබේ හඬ නෑසුනු ලෙස ඉන්නට මා වෙර දරමි
සිතුනත් ඔබ ගැන නොසිතා ඉන්නට මා වෙර දරමි
වැටහුනත් ඔබේ වැරදි එය වරදක් නොවේ කියා සිතන්නට මා වෙර දරමි........
රහසින් ඔබ ඇවිදින්
මගේ කනට කෙඳිරු
හැම වදනක්ම
ඇත තාම මතකේ
නුබේ සුවඳ විඳ ගන්නට
පතන හැම වේලේ
දෙනතට කඳුලු පිරෙනු
ඇත මාගේ
සුව නින්ද පතමින්
යහනට වැදුනු මාෙහාෙත්
ඔබ රුවම මැවුනි
මා අභියසම
මතකයක් පමණක්
මා සිෙත් තියාලා
කෙලසද ඔබ ගියේ මෙලාවින්
මා තනිකර දමාලා
පතමි මා හදවතින්
මතු භවෙයදිත්
ඔබ මගේම වන්නට කියාලා...
ලස්සන පදවැල් ටික.
ReplyDeleteමේ වගේ කතාවක් තියෙන නංගියෙක් ඉන්නව මම දන්න. කියන්න එපා මෙතනත් එහෙම කතාවක් තියෙනව කියල.
තැන්ක්ස් අයියේ !!!!!
Deleteඅතීතයට වෛර කරමි.
ReplyDeleteපේලියට....
ලියු කවි...
මකා...
අතීතයට වෛර කිරීමෙන් පලක් නොවේ
Deleteකල යුත්තේ අතීත මතකයන්
ආශිර්වාදයක් කරගෙන
වර්ථමානයේ හොදින් ජීවත් වීමය
ඇයි බෙන් අතීතයට වෛර කරන්නේ ඇත්තටම අතීතයට වෛර කරලා වැඩක් අතීතය තුලින් වර්තමානයේදි අනාගතය ගොඩ නඟා ගත යුුතුයි.....
Deleteහිතට දැනෙන්න ලියල තියෙනව. ශෝක ජනක කතාවක් වගේ නේද?
ReplyDeleteතැන්ක්ස් මල්ලි ඔව් ශෝක ජනකයි තමයි ....අනේ..
Deleteශුන්ඩරයි ඈ...
ReplyDeleteතැන්කු...
Deletelassanai....but dukai
ReplyDelete