Pages

Thursday, December 19, 2013

නිසදෙස්

කවිකාර සිතුවිලි මා සිතට පහළ  වූ මේ සැඳැ යාමයේ
නිසදෙස් ලියන්නට සිතුනි අතීතය ගොනු කොට .........




දුටුවත් ඔබ රුව නොදුටු  ලෙස ඉන්නට මා වෙර දරමි

අැසුනත් ඔබේ හඬ නෑසුනු ලෙස ඉන්නට  මා වෙර දරමි

සිතුනත් ඔබ ගැන නොසිතා ඉන්නට මා වෙර දරමි

වැටහුනත් ඔබේ වැරදි එය වරදක් නොවේ කියා සිතන්නට මා වෙර දරමි........


     



රහසින් ඔබ ඇවිදින්
මගේ  කනට කෙඳිරු
හැම වදනක්ම
ඇත තාම මතකේ

නුබේ  සුවඳ විඳ ගන්නට
පතන හැම  වේලේ
දෙනතට කඳුලු පිරෙනු
ඇත මාගේ

සුව නින්ද පතමින්
යහනට වැදුනු මාෙහාෙත්
ඔබ රුවම  මැවුනි
මා අභියසම

මතකයක් පමණක්
මා සිෙත් තියාලා
කෙලසද ඔබ ගියේ  මෙලාවින්
මා තනිකර දමාලා

පතමි මා හදවතින්
මතු භවෙයදිත්
ඔබ මගේම  වන්නට කියාලා...



    

       


10 comments:

  1. ලස්සන පදවැල් ටික.

    මේ වගේ කතාවක් තියෙන නංගියෙක් ඉන්නව මම දන්න. කියන්න එපා මෙතනත් එහෙම කතාවක් තියෙනව කියල.

    ReplyDelete
  2. අතීතයට වෛර කරමි.

    පේලියට....
    ලියු කවි...
    මකා...

    ReplyDelete
    Replies
    1. අතීතයට වෛර කිරීමෙන් පලක් නොවේ
      කල යුත්තේ අතීත මතකයන්
      ආශිර්වාදයක් කරගෙන
      වර්ථමානයේ හොදින් ජීවත් වීමය

      Delete
    2. ඇයි බෙන් අතීතයට වෛර කරන්නේ ඇත්තටම අතීතයට වෛර කරලා වැඩක් අතීතය තුලින් වර්තමානයේදි අනාගතය ගොඩ නඟා ගත යුුතුයි.....

      Delete
  3. හිතට දැනෙන්න ලියල තියෙනව. ශෝක ජනක කතාවක් වගේ නේද?

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මල්ලි ඔව් ශෝක ජනකයි තමයි ....අනේ..

      Delete

ඔයාල මේක කියවලා යම් දෙයක් හිතට දැනුනනම් ඒ හැම දෙයක්ම මට අකුරු වල එකතුවෙන් ඉතිරි කරල යනවනම් මම කෘතඤ වෙනව...